සංචිත ඉහල යාම කැලණියේ නයා වගේ… අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ, ගෑස් කිරිපිටි ගේන්න ඩොලර් නෑ..
ශ්‍රී ලංකාව දැවැන්ත විනිමය අර්බුදයට මුහුණ දී සිටින මෙවන් අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා විසින් නිළ විදේශ සංචිතය ඩොලර් බිලියන 3.1 ක් දක්වා වැඩිවී ඇතැයි සිදුකරමින් තිබෙන මාධ්‍ය සංදර්ශනය තවදුරටත් මුළු රටම රැවටීමක් පමණක් යැයි සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.