gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

“නයි හැරමිටියක් අරං මොකද්ද මේ….මැටි රූපෙකට කටු ගහනකොට හිතෙනවා මට කටු ඇනෙනවා කියලා” – ජනපති අනුර විපක්ෂයේ විරෝධතා ප්‍රශ්න කරයි

මැටි රූපවලට ඉඳිකටු ඇනීම වැනි විකාරරූපී විරෝධතා ක්‍රමවේදවල නිරත වීම සම්බන්ධයෙන් ඇතැම් විපක්ෂ කණ්ඩායම් විවේචනය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක, එවැනි ක්‍රියා පිටුපස ඇති මානසිකත්වය පිළිබඳව ප්‍රශ්න කර සිටියේය.

තව දින කිහිපයයි... ආන්දෝලනාත්මක බහාලුම් 323 ගැන අනාවරණයක්!

ආන්දෝලනාත්මක කන්ටේනර් 323ක් වරායෙන් පිටකිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව ලබන සතිය තුල නිකුත් කිරීමට කටයුතු කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.

සමාජ ජාල කැළඹූ වීඩියෝවේ අමානුෂිකව දරුවෙකුට පහර දුන් කාන්තාව අත්අඩංගුවට!

සමාජ මාධ්‍ය හරහා දරුවෙකුට පහර දීමක් සම්බන්ධව 2026.10.31 වන දින සංසරණය වූ වීඩියෝ පටයකට අදාලව එඩේරමුල්ල පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්‌යාංශයේ නිලධාරීන්ගේ ක්ෂණික ක්‍රියාත්මක වීමෙන් එදිනම සිදුවීමට අදාල සැකකාරිය අත්අඩංගුවට ගත් අතර වින්දිත දරුවාගේ පොලිස් භාරයට ගෙන දෙදෙනාම කුරුදුවත්ත පොලිස් ස්ථානයට භාර දී ඇත.

මං එන්නැතිව නීතීඥයෙක් ආවාම මදිද? - බැසිල් අධිකරණයෙන් අසයි!

මාතර, එළියකන්ද ප්‍රදේශයේ 'බ්‍රවුන්ස් හිල්' ඉඩම මිලදී ගැනීමේ සිද්ධියට අදාළ නඩුව සඳහා තමන් පෞද්ගලිකව අධිකරණය හමුවේ පෙනී නොසිට, ඒ වෙනුවෙන් නීතිඥවරයෙකු පෙනී සිටීමට අවසර දෙන ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කළ ඉල්ලීම මාතර මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇත.

හම්බන්තොට වරායට අකුණු ගහයි... ගින්නක් ඇවිලී අලුත ගෙනා වාහන තොගයක් ගිනිගනී!

හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රය තුළ ආනයනික වාහන නවතා තිබූ අංගනයකට එල්ල වූ ප්‍රබල අකුණු ප්‍රහාරයක් හේතුවෙන් හටගත් හදිසි ගින්නකින් එහි ගාල් කර තිබූ මෝටර් රථ 11කට බරපතළ හානි සිදුව ඇති බව වරාය පොලිසිය තහවුරු කරයි.

“භික්ෂූන් වහන්සේ ගියේ එක දවසක, මම ගියේ වෙන දවසක” – කිංග්ස්බරි සිද්ධියේ ඇත්ත හෙළි කිරීමට සරත් වීරසේකර මාධ්‍ය කැඳවයි!

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සංස්කරණය කරන ලද CCTV දර්ශන සම්බන්ධයෙන් කොළඹ කිංග්ස්බරි හෝටලයට එරෙහිව රුපියල් මිලියන 100ක වන්දි ඉල්ලා එන්තරවාසියක් යොමු කළ හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා, ඒ පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා මාධ්‍ය හමුවක් කැඳවා තිබෙනවා.

කලාපයම ගිනි ජාලාවක් කරනවා... ප‍්‍රහාරයට සැරසෙන්නැයි ඉරාන නායකගෙන් හමුදාවට නියෝග!

ඇමෙරිකාව හෝ ඊශ්‍රායලය විසින් ඉරානය වෙත යළි කිසියම් හෝ හමුදා ප්‍රහාරයක් එල්ල කළහොත්, කිසිදු භූගෝලීය සීමාවකට යටත් නොවී වහාම ක්‍රියාත්මක වන දැවැන්ත ප්‍රතිප්‍රහාර මාලාවක් දියත් කරන බවට ඉරානයේ උත්තරීතර නායක මොජ්තබා ඛමේනි දැඩි අනතුරු ඇඟවීමක් කර ඇතැයි තුර්කියේ 'ඩේලි සබා' පුවත්පත වාර්තා කර සිටියි.

සැකකරුන්ට ගැහුවොත් වගකීම OICට..

විවිධ අපරාධ සහ නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් භාරයේ රඳවා සිටින පුද්ගලයන්ට කිසියම් හෝ පහරදීමක් හෝ ශාරීරික වධහිංසාවක් සිදුවුවහොත්, එහි සෘජු වගකීම අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා හෝ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් භාරගත යුතු බවට නියෝග නිකුත් කර ඇත.

පසුගිය වසර 5ට 79ක් පොලිස් අත්අඩංගුවේදී මරුට

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL)  නිකුත් කර ඇති නිල වාර්තාවලට අනුව, 2020 වසරේ  සිට 2025 වසරේ  මැයි මාසය දක්වා කාලයේදි  පමණක්  79 දෙනෙකු  පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගොස් ඇත.

17දා රටම අඳුරු වූ හේතුව වාර්තාවකින්!

පසුගිය 17 වැනිදා රටපුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම පිළිබඳ මූලික විමර්ශන වාර්තාවක් ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත යොමු කර තිබේ. අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ එදින පෙරවරු 11.43ට පමණ නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ පළමු ජනන ඒකකයෙන් ලබාදෙමින් තිබූ මෙගාවොට් 187ක විදුලි බලයක් මිලි තත්ත්පර 450ක් ඇතුළත පද්ධතියෙන් අහිමි වූ බවය.

ෂැංග්‍රිලා ඉඩම් ගනුදෙනුවේ පැටලිල්ල ලිහෙයි! දින තුනේ ඔප්පුවේ අමුතු මැණුම!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී කොළඹ ගාලු මුවදොර පිහිටි අතිශය වටිනා රාජ්‍ය භූමි භාගයක් දින තුනක් වැනි කෙටි කාලයක් තුළ මැන, ඔප්පු ලියාපදිංචි කර විකුණා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.

උද්දමනය පොඩ්ඩක් වැඩිවෙලා.. ජනතාවට දුෂ්කරයි..- ජනපති

රජයේ අපේක්ෂිත ආදායම් ඉලක්කයන්ට කිසිදු හානියක් නොවන අයුරින්, එළඹෙන අයවැය ලේඛනය මඟින් තෝරාගත් බදු වර්ග කිහිපයක් තවදුරටත් පහත හෙළීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.  උත්සව සභාවක් අමතමින් රටේ වත්මන් ආර්ථික ක්‍රියාකාරීත්වය සහ මූල්‍ය ප්‍රවණතා පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

‘කන්ටේනර් 323’ කමිටු වාර්තාව අතුරුදන්...?

කොළඹ වරායෙන් කිසිදු පරීක්ෂාවකින් තොරව නිදහස් කළ බව කියන ආන්දෝලනාත්මක කන්ටේනර් 323 පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතු හිතාමතාම අඩාල කරමින්, එහි වාර්තාව ඉදිරිපත් කිරීම වසන් කිරීමට රජය උත්සාහ දරන

අයවැයෙන් සහන දුන්නොත් භයානක පනත් ටිකත් සම්මත කරගන්න පුළුවන් – වාසුදේව නානායක්කාර

මෙවර අයවැයෙන් ජනතාවට සහන ලබා දීමට අපහොසත් වුවහොත් ජනතා කෝපය ආණ්ඩුවට එල්ල වනු ඇතැයි හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

දැනට ජනතාව අතර ක්‍රියාකාරී විරෝධයක් ආණ්ඩුවට නොමැති බවද ප්‍රජාතන්ත්‍ර විරෝධී අණ පනත් පවා ජනතාවට නොදැනෙන බවත් ඔහු පෙන්වා දෙයි.

ආරංචිය සුබ නෑ - ඉන්ධන මිල සංශෝධනය තව ටිකකින්...

රජයේ මාසික ඉන්ධන මිල සූත්‍රයට අනුව සිදුකෙරෙන නිත්‍ය මිල සංශෝධනය අද (31) මධ්‍යම රාත්‍රියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිලෙහි සිදුව ඇති වෙනස්කම් හමුවේ මෙවර මෙරට ඉන්ධන මිල ගණන් ඉහළ යාමේ හැකියාවක් පවතින බව වාර්තා වේ.

වැඩ කරගන්න රජයේ නිලධාරීන්ට රුපියලක්වත් දෙන්න එපා!

ජනතාවට අවශ්‍ය වැඩ කරගැනීම සඳහා කිසිදු දේශපාලඥයෙක්ට සහ රාජ්‍ය නිලධාරියෙක්ට කිසිදු මුදලක් ලබාදීමට අවශ්‍ය නැති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත සඳහන් කරයි.

පච්ච සම්බන්ධයෙන් නව නීතියක් ගෙන ආවේ ජනතාවගේ මතු ආරක්ෂාව වෙනුවෙන් - මන්ත්‍රීනි තුෂාරි ජයසිංහ

පච්චා (Tattoos) සම්බන්ධයෙන් රට තුළ නව නීතියක් පනවා ඇත්තේ ජනතාවගේ අනාගත ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි තුෂාරි ජයසිංහ පවසයි. නව පනතේ ඇතුළත් පච්චා සම්බන්ධ නීතිමය ප්‍රතිපාදන පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළාය. 

එජාප – සජබ එකතු වුණත් දිනන්න බෑ... රනිල්ගේ අලුත්ම සැලැස්ම...

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව කටයුතු කිරීමෙන් දේශපාලන ජයග්‍රහණයක් ලබාගත හැකි බවට අපේක්ෂා කළද, සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමවේද තුළින් එවැනි ජයග්‍රහණයක් අත්කරගත නොහැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka