ඉහළ යන ජීවන බර නිසා රාජිත පන්දම අතට ගනී
ඉන්ධන මිල, අත්‍යවශ්‍ය බඩු මිල සහ දිනෙන් දින ඉහළ යන ජීවන බරට එරෙහිව සමගි ජනබලවේගයේ ක්‍රියාකාරීන් පිරිසක් බේරුවල නගර මධ්‍යයේ පන්දම් දල්වා රාත්‍රි විරෝධතාවයක නිරත විය.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම විරෝධතාවය හිටපු පළාත් සභා මන්ත්‍රී ඉෆ්තිකාර් ජෙමීල් මහතා විසින් සංවිධානය කර තිබුනි.
බේරුවල ගාලු පාරට රැස්වූ විරෝධතා කරුවන් පන්දම් දල්වාගෙන සටන් පාඨ කියමින් පා ගමනින් බේරුවල නගරයේ ඔරලෝසු කණුව අසලට පැමිණ විරෝධතා පාඨ කියමින් පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නියැලි සිටිය
– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා
ඉහළ යන ජීවන බර නිසා රාජිත පන්දම අතට ගනී
2021-12-30T19:42:00+05:30
Gossip Lanka Hot News




