මහබැංකුව ඊයේ විතරක් රුපියල් බිලියන 202ක් අච්චු ගහයි! ගිය අවුරුද්දට අච්චු ගහපු ගාණ බිලියන 825ක්!
රුපියල් බිලියන 202ක මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (29)පියවර ගෙන තිබේ.
වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 825 ක මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට මහ බැංකුව පියවර ගෙන තිබේ.
මේ අතර ඊයේ දිනයේ මහ බැංකුව රුපියල් බිලියන 48.5 ක වටිනාකමකින් යුත් බැඳුම්කර නිකුත් කිරීමට කටයුතු කර තිබියදී ඉන් අලෙවි කිරීමට හැකිව තිබුණේ, රුපියල් බිලියන 33.5 ක් පමණි.
මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව් . ඒ විජේවර්ධන මහතා පෙන්වා දෙන්නේ, පොලී අනුපාත සහ විනිමය අනුපාත තවදුරටත් පාලනය කිරීම තුළ අර්බුදය තිවෘර වෙමින් ඇති බවයි.
මහබැංකුව ඊයේ විතරක් රුපියල් බිලියන 202ක් අච්චු ගහයි! ගිය අවුරුද්දට අච්චු ගහපු ගාණ බිලියන 825ක්!
2021-12-30T23:45:00+05:30
Gossip Lanka Hot News




