gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෑස් නැතිව කඩවල්වලින් ඕඩර් බාරගන්න බෑ කියයි! කිරිබත් කැවුම් කොකිස් නැති අලුත් අවුරුද්දක්!

නව වසර සැමරීමට  කිරිබත් සහ කැවිලි පෙවිලි ලබා ගැනීම සඳහා   රජයේ සහ පෞද්ගලික ආයතන ලබාදී ඇති ඇණවුම් බාර ගැනීම  හෝටල් සහ ආපනශාලා  සහ කැවිලි පෙවිලි නිෂ්පාදනය කරන ආයතන බොහොමයක් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවේ ගෑස් හිඟය නිසා  හෝටල් ආපන ශාලා ඇතුළු ආයතනවලට  අකමැත්තෙන් වුව එම තීරණය ගැනීමට සිදුවී ඇති බවයි.

පවතින ආර්ථික තත්වය  සැලකිල්ලට ගෙන රජයේ සහ පෞද්ගලික ආයතන බොහොමයක් කිරිබත්, කැවිලි පෙවිලි ඇතුළු ආහාර ද්‍රව්‍ය මෙවර ඇණවුම් කර නැතැයිද  හෙතෙම සඳහන් කළේය.

රජයේ සහ පෞද්ගලික ආයතන බොහොමයක් නව වසර සැමරීමට කිරිබත් සහ කැවිලි පෙවිලි ලබා ගැනීම සඳහා කාලයක සිටම ඇණවුම් ලබා දුන්නේ ඒ ඒ  නගරවල හෝටල්වලට සහ ආපන ශාලාවලට බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

මේ අතර ගෑස් හිඟය නිසා මේ වනවිට වැසීගොස් ඇති හෝටල් , බේකරි සහ ආපන ශාලා සංඛ්‍යාව 20,000ක් දක්වා ඉහළ ගොස් ඇතැයි  එම සංගමය සඳහන් කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka