gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සංචිත ඉහල යාම කැලණියේ නයා වගේ… අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ, ගෑස් කිරිපිටි ගේන්න ඩොලර් නෑ..

ශ්‍රී ලංකාව දැවැන්ත විනිමය අර්බුදයට මුහුණ දී සිටින මෙවන් අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා විසින් නිළ විදේශ සංචිතය ඩොලර් බිලියන 3.1 ක් දක්වා වැඩිවී ඇතැයි සිදුකරමින් තිබෙන මාධ්‍ය සංදර්ශනය තවදුරටත් මුළු රටම රැවටීමක් පමණක් යැයි සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.

ඔහු සඳහන් කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව වැනි වගකිව යුතු ආයතනයක් මෙම සංචිත වැඩිවූ ආකාරය පිළිබඳව මූලාශ හෙළි කිරීමෙන් හිතාමතාම වැලකී ඇති බවයි. වර්තමාන ආණ්ඩුව පිළිබඳව ජනතාව තුළ තිබෙන ප්‍රතිරූපය දිනෙන් දිනම බිඳවැටෙමින් තිබෙන අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුව සහ එහි අධිපතිවරයා විසින් ජනතාවට සත්‍ය වසන් කරමින් ව්‍යාජ චිත්‍රයක් මතුකරමින් සිටින්නේයැයි මේ පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

“අපි උග්‍ර විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටිනවා. ගෑස්, කිරිපිටි, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගේන්නවත් ඩොලර් නෑ. මෙම විදේශ විනිමය අර්බුදය විසඳීමට කෙටි කාලීන ප්‍රවේශයක් ලෙස මූල්‍ය අරමුදලට යන්නැයි විද්වතුන් උපදෙස් දුන්නත් මේ ආණ්ඩුව ඒක ගණන් ගත්තේ නෑ. දැන් මහ බැංකු අධිපතිවරයා සුපර් මෑන් කෙනෙක් විදිහටයි කතා කරන්නේ. කිව්ව විදිහට විදේශ සංචිතය වැඩි කළාලු. එහෙනම් හෙට ඉඳල සියළු ප්‍රශ්න විසඳෙන්න ඕන. කාවද මේ රවටන්නේ? මේ සංචිත වැඩිවීමත් අර කැළණියේ නයා වගේ කතාවක්. අපිට ආරංචි වෙන විදිහට මේ සංචිත වැඩිකරගෙන තියෙන්නේ චීනයෙන් ලැබුණු යුවාන් බිලියන 10 කින්. ඒවා වියදම් කරන්න පුළුවන් යම් යම් සීමාවන්ට යටත් වී පමණයි.“

දේශපාලකයින් විසින් දිගුකාලීනව රටට සත්‍ය වසන් කිරීමත් දේශපාලන වුවමනාවන් වෙනුවෙන් ජනතාව පිනවීමත් නිසා රට මේ ආකාරයෙන් අගාධයට ගියබව පෙන්වා දුන් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ රට මුහුණ දෙන

සැබෑ විදේශ විනිමය අර්බුදය වසන් කරමින් මේ ආකාරයෙන් මාධ්‍ය සංදර්ශන ඉදිරිපත් කිරීමෙන් රට තව තවත් අගාධයටම ගමන් කරන බවයි.

“මේ ආණ්ඩුවට දිගුකාලීන දැක්මක් නෑ. එදා වේල ටුවර්ස් තමයි වැඩ කරන්නේ. නිළ විදේශ සංචිතය කොහෙන් හරි අතමාරුවක් අරගෙන කෙටි කාලයකට වැඩිකරගෙන ගහන්න තියන හැම කරණමක්ම ගහනවා. මේකට කියන්න තියෙන්නේ නැව ගිලුණත් බෑන් චූන් කියලයි. අපිට ඩොලර් බිලියන 3.1 ක් හැරෙන්නවත් මදි. ටික දවසක් මේ සතුට තියේවි. ආයිත් අර පරණ දුකටම වැටෙනවා. මේ නිසා, මෙම විදේශ විනිමය අර්බුදය පිළිබඳව මීට වඩා වගකීමකින් කටයුතු කර එය දිගුකාලීනව තිරසාරව විසඳාගන්නා මාර්ගයකට අපි රටක් විදිහට අවතීර්ණ විය යුතුයි. මේ මාධ්‍ය සංදර්ශන වලින් නම් රටට වැඩක් වෙන එකක් නෑ.“

මේ වනවිට, මෙරට වෙළෙඳපොළේ තිබෙන ඩොලර් ප්‍රමාණයත් මහ බැංකුව අළුත් නීති රීති දමමින් ඇද ගනිමින් සිටින බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් කීය.

– media unit
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka