gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලාංකික තරුණියන් විවාහ කරගෙන චීනයට රැගෙන ගොස් බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදවන ජාවාරමක්

ව්‍යාපෘති සඳහා මෙරටට පැමිණි චීන ජාතිකයන් ශ්‍රී ලාංකික තරුණියන් විවාහ කරගෙන චීනයට රැගෙන ගොස් බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදවන ජාවාරමක් ගැන පොලිස්පති නියමයෙන් විමර්ශනයක් අරඹා ඇත.

මේ අයුරින් රැගෙන ගොස් ගණිකා ජාවාරමට යෙදවූ ශ්‍රී ලාංකික තරුණියන් දස දෙනකු ගැන දැනටමත් තොරතුරු ලැබී ඇතැයි ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ ප්‍රධානියෙක් අනාවරණය කළේය.

දුගී පවුල්වල සිටින රූමත් තරුණියන් තෝරාගෙන ඔවුන් සමග විවාහ වීමෙන් පසු චීනයට රැගෙන ගොස් රාත්‍රී සමාජ ශාලාවල රස්සාවලට යොදවා ඇතැයි හෙළිවී තිබේ.

හොරණ ප්‍රදේශයේ තරුණියක විවාහ කරගෙන චීනයට රැගෙන යාමට සූදානම් වන අවස්ථාවේ ලද තොරතුරු ඔස්සේ කරන ලද දීර්ඝ විමර්ශනයකදී මේ බව අනාවරණය වී ඇත.

විදේශ ජාතිකයකු විවාහ කර ගැනීමට කැමැති ශ්‍රී ලාංකිකයන් ආරක්ෂක අමාත්‍යාංශයේ නිෂ්කාශන වාර්තා ලබාගත යුතු වන බවට ශ්‍රී ලංකා රජය නව චක්‍රලේඛයක් නිකුත් කළේද මෙවැනි ක්‍රියාකාරකම් නිසා බව ඉහළ පෙළේ ආරක්ෂක ප්‍රධානියෙක් අනාවරණය කළේය.

අන්තවාදී ආගමික අදහස් පතුරුවන්නේ විදේශ සරණාගතභාවය අපේක්ෂාවෙන් පැමිණෙන්නන් හා අන්තර්ජාල මූල්‍ය ජාවාරම්වලට සම්බන්ධ වූවන්ද ශ්‍රී ලාංකික කතුන් විවාහ කරගෙන මෙරට රැඳී සිටීමේ කුමන්ත්‍රණකාරී සැලසුම් හෙළිවීමෙන් පසු මෙම තීරණයට එළැඹී බව හෙතෙම සඳහන් කළේය.

නයිජීරියානු මූල්‍ය ජාවාරම්වලට හසුවූවන් කිහිපදෙනකුම ශ්‍රී ලාංකික කතුන් විවාහ කරගෙන මෙරට රැඳී සිටීමේ වීසා ඉල්ලා ඇති බවද හෙතෙම සඳහන් කළේය.

මීට අතරව අන්තවාදී ආගමික මත පතුරවන ඉන්දියානුවකු ශ්‍රී ලාංකික කතක විවාහ කරගෙන මෙරට නේවාසික වීසා ඉල්ලා සිටින බවත් මෙවැනි ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පුද්ගලයන් නිසා මෙම තීරණය ගත් බවත් ආරක්ෂක ප්‍රධානියා වැඩිදුරටත් පැවසීය
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka