විජේදාස පුත් රඛිතට ගැලවීමක් ඇත්තෙම නෑ... තවත් රු. කෝටි 3.5 මුදල් වංචාවක් ගැන පැමිණිල්ලක්!
කුරුණෑගල ප්‍රදේශයේ මූල්‍ය ආයතනයක් මඟින් සිදුකරන ලද මහා පරිමාණ මූල්‍ය වංචාවකට එරෙහිව නීතිමය පියවර ගෙන, අහිමි වූ මුදල් යළි අයකර දෙන බවට පොරොන්දු වී නීතිඥ කණ්ඩායමක් විසින් තමන්ගෙන් රුපියල් කෝටි තුනහමාරකට ආසන්න මුදලක් වංචා කළ බවට චෝදනා කරමින් අගතියට පත් තැන්පත්කරුවන් පිරිසක් කොළඹ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
කස්සප හිමිට ඇප ඉල්ලූ මෝසම උසාවියෙන් විසි කරයි..
අනුරාධපුර රුවන්වැලි සෑය දන්සල් පරිශ්‍රයේ සංවිධානය කර තිබූ සත්‍යග්‍රහයක් අතරතුරදී ශාසනයෙන් නෙරපා ඇති බව කියන රාජාංගණයේ සද්දාරතන හිමිට පහරදී තුවාල සිදුකිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බලංගොඩ කස්සප හිමියන් ඇතුළු හිමිවරුන් පස්නමට ඇප ලබාගැනීම සඳහා නඩුව යළි කැඳවන ලෙස කළ ඉල්ලීම අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
අපි බැලුවා ජනාධිපතිතුමා මහන්සි වෙලා මිරිස් වල ටැක්ස් එක අඩුකරේ ඇයි කියලා – වරායෙ කන්ටේනර් 60ක් තියෙනවා මිරිස් හිරවෙලා – 323 ට මේ හැටත් එකතු කරගන්න – නාමල් රාජපක්ෂ
භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම රුපියල් 85ක්, ණය ගන්නවා. මේ රටේ පාරක් හදන්න, හයිවේ එකක් හදන්න, ඔය බස් එකක් ගේන්න, බෝක්කුවක් හදන්න, පාසලක් හදන්න ගොඩනැගිල්ලක් හදන්න ඔබතුමන්ලා ණය ගන්නේ නැහැ අපි මේ ඉතුරු කරපු සල්ලි වලින් හදනවා කියලා කයිවාරු ගහන හැම රුපියල් 100කටම ගරු සභාපතිතුමිය, රුපියල් 85ක් ණයට ගන්නවා. තව රුපියල් තුනක් ආධාර වශයෙන් ලැබෙනවා.
අනෝජන් බේරා ගැනීමේ මෙහෙයුමේ මහ මොළකරු විපක්ෂ මන්ත්‍රී ෆයිසර්... අපි මේක කරේ තනිකරම අතේ සල්ලි වලින් චමුදිත...
චමුදිත: සෞදි අරාබියේදී මරණ දඬුවමට නියම වූ අනෝජන් නම් ශ්‍රී ලාංකික තරුණයා බේරා ගැනීම ඇත්තටම සුවිශේෂී ක්‍රියාන්විතයක්. මේ මෙහෙයුම ක්‍රියාත්මක වීම පිටුපස සිටි ප්රබලතම ශක්තිය, එහෙමත් නැත්නම් මේ ඔපරේෂන් එකේ සිටි ප්‍රධානතම බලකණුව සමඟයි අපි අද මේ සාකච්ඡාව පවත්වන්නේ. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා.
ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව ඉරානයට ඉරෙහිව ඇමරිකාවට ඔත්තු බලනවා - රවුෆ් හකීම්
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව අමෙරිකා එක්සත් ජනපදයේ ඔත්තු බැලීමේ අවශ්‍යතාවන් වෙනුවෙන් යොදාගනිමින් සිටින බවටත්, කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව ‘හදිසි මිලදී ගැනීමක්’ ලෙස හුවා දක්වමින් ඊශ්‍රායලයෙන් රුපියල් බිලියන හතරක (මිලියන 4,000ක) නියමුවන් රහිත ඩ්‍රෝන යානා මිලදී ගැනීමට ආණ්ඩුව රහසිගතව සැරසෙන බවටත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේදී බරපතළ චෝදනාවක් එල්ල කළේය.
ජවිපෙ කාඩරය නඩත්තු කරන්න අයවැයෙන් අමුතු වංගුවක්...
ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ ක්‍රියාකාරීන් භාවිත කරන රුපියල් ලක්ෂ 250ක් බැගින් වටිනා ඩබල් කැබ් රථ 1,750ක ප්‍රමාණයක් නඩත්තු කර පවත්වාගෙන යාම වෙනුවෙන් රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ සහය ලබාගැනීමේ අරමුණින් ඔවුන් වෙත විශේෂ ප්‍රවාහන දීමනා හා වරප්‍රසාද අල්ලසක් ලෙස ලබා දී ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා බරපතළ චෝදනාවක් එල්ල කරයි.

























