gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

කස්සප හිමිට ඇප ඉල්ලූ මෝසම උසාවියෙන් විසි කරයි..

අනුරාධපුර රුවන්වැලි සෑය දන්සල් පරිශ්‍රයේ සංවිධානය කර තිබූ සත්‍යග්‍රහයක් අතරතුරදී ශාසනයෙන් නෙරපා ඇති බව කියන රාජාංගණයේ සද්දාරතන හිමිට පහරදී තුවාල සිදුකිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බලංගොඩ කස්සප හිමියන් ඇතුළු හිමිවරුන් පස්නමට ඇප ලබාගැනීම සඳහා නඩුව යළි කැඳවන ලෙස කළ ඉල්ලීම අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

නීතිඥ කාලිංග රවින්ද්‍ර මහතා විසින් මෝසමක් මාර්ගයෙන් මෙම නඩුව අධිකරණය හමුවේ යළි කැඳවා සැකකරුවන්ට ඇප ලබාගැනීම සඳහා කරුණු දැක්වීමට අවසර ඉල්ලා සිටියද, අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න මහතා එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව පසුවන්නේ බලංගොඩ කස්සප, කහටගස්දිගිලියේ විජිත, බලංගොඩ අනුරුද්ධ, පිළිමතලාවේ රේවත සහ දෙණියායේ සෝරත යන හිමිවරුන් පස්නමයි. මීට අමතරව එක් කාන්තාවක් ඇතුළු ගිහියන් තිදෙනෙකු ද සිද්ධියට අදාළව බන්ධනාගාරගත කර සිටිති.

රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේ පැවති අදාළ සත්‍යග්‍රහ භූමියට රාජාංගණයේ සද්දාරතන හිමි තවත් පිරිසක් සමඟ පැමිණ කලහකාරී ලෙස හැසිරීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය හටගෙන තිබූ අතර, එහිදී සිදුවූ පහරදීමකින් තුවාල ලැබීය. 

අනතුරුව අත්අඩංගුවට පත් හිමිවරුන් ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර, මහේස්ත්‍රාත්වරයා රෝහල වෙත ගොස් සිදුකළ නිරීක්ෂණයෙන් පසුව සැකකරුවන් එළඹෙන 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබිණි.
-lankacnews
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka