ජවිපෙ කාඩරය නඩත්තු කරන්න අයවැයෙන් අමුතු වංගුවක්...
ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ ක්‍රියාකාරීන් භාවිත කරන රුපියල් ලක්ෂ 250ක් බැගින් වටිනා ඩබල් කැබ් රථ 1,750ක ප්‍රමාණයක් නඩත්තු කර පවත්වාගෙන යාම වෙනුවෙන් රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ සහය ලබාගැනීමේ අරමුණින් ඔවුන් වෙත විශේෂ ප්‍රවාහන දීමනා හා වරප්‍රසාද අල්ලසක් ලෙස ලබා දී ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා බරපතළ චෝදනාවක් එල්ල කරයි.
එක්සත් ජනරජ පෙරමුණු මූලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව අනාවරණය කර සිටී.
එහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ ඩබල් කැබ් රථ 1,750 කාගේ භාරයේ පවතින්නේද සහ ඒවාට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව නුදුරේදීම දැවැන්ත හෙළිදරව්වක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි. රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන්ට පමණක් විශේෂ වරප්‍රසාද පිරිනමා ඇත්තේ මෙම වාහන අක්‍රමිකතාව රැකගැනීමේ අරමුණින් බව ද ඔහු පෙන්වා දුන්නේය.
රජයේ මූල්‍ය කළමනාකරණය සංඛ්‍යාලේඛන සහිතව විවේචනය කළ රණවක මහතා, පසුගිය වසරේ අයවැයෙන් වෙන් කරන ලද රුපියල් බිලියන 1,450ක ප්‍රාග්ධන වියදම්වලින් මුල් මාස හය තුළ ප්‍රයෝජනයට ගෙන තිබුණේ සියයට 18.9ක් පමණක් බවත්, මුල් මාස නවය අවසන් වන විටද වැය කර ඇත්තේ සියයට 30ක් තරම් ඉතා පහළ ප්‍රතිශතයක් බවත් ප්‍රකාශ කළේය. එසේම, 2025 ඔක්තෝබර් මාසයේදී සියයට 2.1ක්ව පැවති උද්ධමනය 2026 වසරේදී සියයට 8.3 දක්වා ඉහළ යනු ඇති බවත්, ඩොලරයක විනිමය අනුපාතිකය රුපියල් 304 සිට රුපියල් 338 දක්වා ඉහළ යාමට නියමිත බවත් ඔහු හෙළි කළේය.
වත්මන් ඉන්ධන මිල ප්‍රතිපත්තිය පිළිබඳව කරුණු දැක්වූ ඒ මහතා, සෑම පෙට්‍රල් සහ ඩීසල් ලීටරයකින්ම මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක සහ භාණ්ඩාගාරයේ හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන්ගේ පරිපාලන වරද නිසා මහජනතාවට අමතරව රුපියල් 30ක බරක් දැරීමට සිදුව ඇති බව කියා සිටියේය.
මීට පෙර රුපියල් 299ක් වූ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 424 දක්වාත්, රුපියල් 277ක් වූ ඩීසල් ලීටරයක් රුපියල් 397 දක්වාත් ඉහළ ගොස් ඇති පසුබිමක, ඉන්ධන ආනයනකරුවන්ගේ ප්‍රිමියම් ලාභය ජනතාවගෙන් සඟවා තැබීමට රජය උපායශීලීව ක්‍රියා කරන බවට චෝදනා කළේය.
එසේම 2026 මාර්තු 17 දිනැති ඉන්ධන ටෙන්ඩරය හරහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සහ ජනාධිපතිවරයා එක්ව ගල් අඟුරු වංචාවට නොදෙවෙනි දැවැන්ත මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවට ද ඔහු චෝදනා එල්ල කළේය.
ජනාධිපතිවරයා ප්‍රබන්ධ කතා කීමට දක්ෂ වුව ද භූමියේ ප්‍රායෝගික වැඩ කිරීමට අසමත් බව පෙන්වා දුන් චම්පික රණවක මහතා, වසරක් ගතවීත් කොළඹ කුණු කානු පද්ධතිය පිරිසිදු කිරීමට හෝ පේරාදෙණියේ කැඩීගිය පාලම යළි ඉදිකර ගැනීමට වත්මන් පාලනයට නොහැකි වී ඇතැයි වැඩිදුරටත් සඳහන් කළේය.
ජවිපෙ කාඩරය නඩත්තු කරන්න අයවැයෙන් අමුතු වංගුවක්...
2026-11-14T17:48:00+05:30
Gossip Lanka Hot News





