gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

හිටපු අමාත්‍ය කංචන විජේසේකර දේශපාලනයෙන් ඉවත්වෙයි... හැඟුම්බර ප්‍රකාශයක් නිකුත් කරයි

තමන්ට යළි දේශපාලනයට පිවිසීමේ කිසිදු අදහසක් හෝ උනන්දුවක් නොමැති බව හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඊයේ (14) සිය නිල සමාජ මාධ්‍ය ගිණුමෙහි විශේෂ සටහනක් තබමින් හිටපු අමාත්‍යවරයා මේ බව නිල වශයෙන් සඳහන් කර තිබේ.

පසුගිය කාලය පුරාම විවිධ දේශපාලන කරළියේ කතාබහට ලක්වූ චරිතයක් වූ කංචන විජේසේකර මහතාගේ ඉදිරි දේශපාලන ගමන්මඟ පිළිබඳව විවිධ මත පළවෙමින් තිබූ පසුබිමක, ඔහු මෙම ප්‍රකාශය සිදුකර ඇත.

ඔහුගේ සටහන පහතින් දැක්වෙනවා.

"අද, නොවැම්බර් 14 වැනි දිනය, මගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථාන දෙකක් සනිටුහන් කරයි. ඉන් පළමුවැන්න මගේ පියාගේ 84 වැනි ජන්ම දිනය සිහිපත් කිරීමයි. ඔහු අප හැර ගිය පසු එළැඹෙන පළමු උපන්දිනය ද මෙයයි..

මීට වසර දෙකකට පෙර අද වැනි දිනයක මම පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළෙමි. එහි ප්‍රතිඵලය මා බලාපොරොත්තු වූ පරිදි නොවූවද, එය මගේ ජීවිතයේ වැදගත් පරිච්ඡේදයක් විය. ඉන් මාසයකට පසු මම දේශපාලනයෙන් සහ ඊට අදාළ සියලු ක්‍රියාකාරකම්වලින් ඉවත් වීමි.

දේශපාලනයේ නිරතව සිටි කාලය තුළ මට ලැබුණු අවස්ථා මෙන්ම, මා කෙරෙහි තැබූ විශ්වාසය සහ මා සමඟ කටයුතු කිරීමට අවස්ථාව ලැබුණු සියලු දෙනාගෙන් ලැබුණු මඟපෙන්වීම්, නායකත්වය සහ දිරිගැන්වීම් වෙනුවෙන් මම අවංකවම කෘතඥ වෙමි. එම කාල පරිච්ඡේදය දෙස අද යළි හැරී බලන්නේ කෘතඥතාවයෙනි.

දේශපාලන ක්ෂේත්‍රයේ සිට ආයතනික ක්ෂේත්‍රයට මාරු වීමේ ක්‍රියාවලිය ආරම්භ කර මේ වන විට මාස 23ක් ගත වී ඇත. එය මුලින් අර්ධකාලීන කටයුත්තක් ලෙස ආරම්භ වුවද, ක්‍රමයෙන් පූර්ණකාලීන වගකීමක් සහ කැපවීමක් බවට පත්ව ඇත. මම එම කාර්යය අවංකවම භුක්ති විඳින අතර, එය මට මහත් තෘප්තියක් ද ගෙන දෙයි.

ජීවිතයේ සෑම පරිච්ඡේදයකටම ඊට ආවේණික වූ අරමුණක් පවතී. ඇතැම් පරිච්ඡේද අපට යම් යම් පාඩම් උගන්වන අතර, තවත් සමහරක් අපව හැඩගස්වයි. ඇතැම් අවස්ථාවලදී ඒවා අප සම්පූර්ණයෙන්ම වෙනස් ගමනක් සඳහා සූදානම් කරයි. අද දිනය මට සිහිපත් කිරීම්, ආවර්ජනය කිරීම් සහ කෘතඥතාව පළකිරීම්වලින් පිරුණු දිනයකි."
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka