gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ප‍්‍රභාකරන්ගේ මස්සිනා අවසන් ගමන් යයි

දෙමළ ජාතික දේශපාලන කරළියේ කැපී පෙනෙන මෙන්ම ආන්දෝලනාත්මක හඬක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහලිංගම් කනගලිංගම් හෙවත් එම්.කේ. ශිවාජිලිංගම් මහතා සෙනසුරාදා (14) රාත්‍රියේ අභාවප්‍රාප්ත විය. මියයන විට ඒ මහතා 69 වැනි වියේ පසු විය.

දිගු කලක් රෝගාතුරව සිටි ඒ මහතා පසුගිය ජුනි මස 11 වැනිදා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී සංකීර්ණ වකුගඩු බද්ධ කිරීමේ සැත්කමකට ද මුහුණ දුන්නේය. 

සැත්කමින් පසුව ද සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට හැරීම හේතුවෙන් නොවැම්බර් 03 වැනිදා පේදුරුතුඩුව මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරිණි.

 අනතුරුව වැල්වැටිතුරෙයි රෝහලෙන් සහ සිය නිවසේ සිට ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය (TELO) හරහා සිය දේශපාලන ජීවිතය ඇරඹූ ශිවාජිලිංගම් මහතා, දෙමළ ජාතික සන්ධානය (TNA) නියෝජනය කරමින් 2001 සහ 2004 මහ මැතිවරණවලදී යාපනය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය.

ඉන් අනතුරුව 2013 වසරේදී උතුරු පළාත් සභා මන්ත්‍රීවරයකු වශයෙන් ද තේරී පත් වූ ඔහු, පසුකාලීනව ටෙලෝ සංවිධානයෙන් ඉවත්ව දෙමළ ජාතික පක්ෂයේ (TNP) මහ ලේකම් ධුරය හෙබවීය. 

උතුරු - නැගෙනහිර දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටි ඔහු, යුද්ධය නිමාවීමෙන් පසුව දෙමළ ජාතික සැමරුම් වැඩසටහන් හා විරෝධතා සංවිධානය කිරීමෙහිලා ප්‍රමුඛව ක්‍රියා කළ සුවිශේෂී දේශපාලන චරිතයක් ලෙස සැලකේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka