gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ගොම්මන් වෙලාවේ බන්ධනාගාරයෙන් එළියට රැගෙන ආ කස්සප හිමි

අනුරාධපුර රුවන්වැලිසෑය අසල දන්සල් භූමියේ ඇති වූ කලහකාරී සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගත් බලංගොඩ කස්සප හිමි ඊයේ (15) දින සවස ත්‍රිකුණාමලය බන්ධනාගාරය වෙත රැගෙන ආවේය.

ඒ අනුව බලංගොඩ කස්සප හිමි අද (16) දින ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.

ත්‍රිකුණාමලය වෙරළ තීරයේ සිදුකර ඇති බව කියන අනවසර ඉදිකිරීම් සහ බුද්ධ ප්‍රතිමාව සම්බන්ධයෙන් පවතින නඩුව පසුගිය (11) දින ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත්තේය.

නඩුව විභාගයට ගත් අවස්තාවේදි බලංගොඩ කස්සප හිමි ඇතුළු නඩුවේ නම් සඳහන් තවත් කිහිපදෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිට නොමැත.

ඒ අනුව බලංගොඩ කස්සප හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කළේය.

මේ අතර අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කළ බලංගොඩ කස්සප හිමි ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඒ බව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට දන්වන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා, අනුරාධපුර මූලස්ථාන පොලීසියට පසුගියදා නියෝග කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka