චමල් රාජපක්ෂගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කථානායකවරයෙකු මෙන්ම හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු ද වන ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ චමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන චන්ද්‍රා මාලිනී රාජපක්ෂ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
අසනීප තත්ත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ආරංචි මාර්ග තහවුරු කරයි.
අභාවප්‍රාප්ත චන්ද්‍රා මාලිනී රාජපක්ෂ මහත්මිය හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකු ද වන ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ මෑණියන් ද වේ.
චන්ද්‍රා මාලිනී රාජපක්ෂ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරෙන දිනය සහ වේලාව ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.
චමල් රාජපක්ෂගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි
2026-11-15T23:29:00+05:30
Gossip Lanka Hot News






