විජේදාස පුත් රඛිතට ගැලවීමක් ඇත්තෙම නෑ... තවත් රු. කෝටි 3.5 මුදල් වංචාවක් ගැන පැමිණිල්ලක්!
කුරුණෑගල ප්‍රදේශයේ මූල්‍ය ආයතනයක් මඟින් සිදුකරන ලද මහා පරිමාණ මූල්‍ය වංචාවකට එරෙහිව නීතිමය පියවර ගෙන, අහිමි වූ මුදල් යළි අයකර දෙන බවට පොරොන්දු වී නීතිඥ කණ්ඩායමක් විසින් තමන්ගෙන් රුපියල් කෝටි තුනහමාරකට ආසන්න මුදලක් වංචා කළ බවට චෝදනා කරමින් අගතියට පත් තැන්පත්කරුවන් පිරිසක් කොළඹ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ ඇතුළු නීතිඥවරුන් පිරිසක් වෙත මෙම චෝදනාව එල්ල වී තිබේ.
අදාළ මූල්‍ය වංචාවෙන් අගතියට පත් පාර්ශ්වයේ කැඳවුම්කරු එච්.එම්. පුෂ්පකුමාර මහතා ප්‍රමුඛ පිරිසක් පොලිස් මූලස්ථානය වෙත පැමිණ පොලිස්පතිවරයා වෙත මෙම පැමිණිල්ල බාර දී ඇතැයි වාර්තාවේ.
පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ කැඳවුම්කරු එච්.එම්. පුෂ්පකුමාර මහතා සඳහන් කළේ, විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍ය ධුරය දැරූ සමයේදී මෙම නීතිඥ කණ්ඩායම තමන්ට හඳුන්වා දුන් බවයි.
නඩු වාර දෙකක් ඇතුළත අහිමි වූ මුදල් සියල්ල ආපසු ලබා දෙන බවට රඛිත රාජපක්ෂ සහ හර්ෂ නමැති නීතිඥවරුන් ඇතුළු කණ්ඩායම පොරොන්දු වූ බව ඔහු පෙන්වා දුන්නේය.
එම පොරොන්දුව මත විශ්වාසය තැබූ අසරණ තැන්පත්කරුවන්ගෙන් රුපියල් කෝටි 3යි ලක්ෂ 48ක මුදලක් නීතිඥ ගාස්තු ලෙස අදාළ පාර්ශ්වය විසින් ලබාගෙන ඇතැයි ද, ඇතැම් සාමාජිකයන් සිය පාපැදි පවා විකුණා එම මුදල් එක්රැස් කර දුන් බව ද හෙතෙම කියා සිටියේය.
එසේ මුදල් ලබාගෙන තිබියදීත් ගැටලුවට කිසිදු නීතිමය විසඳුමක් නොලැබුණු අතර, ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට ගිය අවස්ථාවේදී තමන් හුදෙක් සාකච්ඡාවට එක්වූ පාර්ශ්වයක් පමණක් යැයි හිටපු අධිකරණ අමාත්‍යවරයා පැවසූ බවට පුෂ්පකුමාර මහතා චෝදනා කළේය.
කෙසේ වෙතත්, අදාළ නීතිඥවරුන් අධිකරණයේ පෙනී සිටි ආකාරය සහ මුදල් ගනුදෙනු පිළිබඳ සියලු ඡායාරූප හා සාක්ෂි තමන් සතුව පවතින බවත්, තමන්ට සිදුවූ අසාධාරණයට සාධාරණ පරීක්ෂණයක් සිදුකරන ලෙසත් අගතියට පත් පිරිස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිති.
මේ පුවත තව අයට බලන්න
විජේදාස පුත් රඛිතට ගැලවීමක් ඇත්තෙම නෑ... තවත් රු. කෝටි 3.5 මුදල් වංචාවක් ගැන පැමිණිල්ලක්!
2026-11-16T10:54:00+05:30
Gossip Lanka Hot News






