gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

රෝහලේ ඉද්දී ජනාධිපති ආර්යාව, ඇමති වසන්ත-නාමල් කරුණාරත්න, පොලිස් ලොක්කන් කතාකලා.. ආණ්ඩුව රකින්න දිවි පුදනවා..- රාජාංගනේ හිමි (Video)

Rajangane saddharathana thero
අනුරාධපුරයේදී එල්ල වූ  ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි අවස්ථාවේදී, ජනාධිපති ආර්යාව තමන් වහන්සේ අමතා සුවදුක් විමසූ බව පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමියෝ ප්‍රකාශ කරති.

ප්‍රහාරයෙන් පසු හිසෙහි වෙළුම් පටි සහිතව සිය සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ විශේෂ වීඩියෝ ප්‍රකාශයක් නිකුත් කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

රෝහලේ සිටි අවස්ථාවේදී ජනාධිපති ආර්යාවට අමතරව අමාත්‍ය වසන්ත සමරසිංහ, නාමල් කරුණාරත්න යන මහත්වරුන් මෙන්ම රෝහල් අධ්‍යක්ෂකවරයා සහ පොලිස් නිලධාරීන් රැසක් ද තමන් වහන්සේ පිළිබඳ සොයා බැලූ බව උන්වහන්සේ අනාවරණය කළහ.

"මම රෝහලේ ඉන්නකොට ජනාධිපතිතුමාගේ පින්වත් ආර්යාව මට කතා කරලා සුවදුක් විමසුවා. මම කවදාවත් බලාපොරොත්තු නොවුණු දෙයක් ඒක. ඒ වගේම වසන්ත සමරසිංහ ඇමතිතුමා, නාමල් කරුණාරත්න ඇමතිතුමා ඇතුළු විශාල පිරිසක් මා ගැන හොයලා බැලුවා. ඒ හැමෝටම මම පින් දෙනවා," යැයි උන්වහන්සේ සඳහන් කළහ.

තමන් වහන්සේට එල්ල වූ පොලු මුගුරු ප්‍රහාරය සෘජුවම ජීවිත හානියක් සිදුකිරීමේ අරමුණින් සිදු කළ එකක් බවත්, තමන් දිවි ගලවා ගත්තේ රුවන්වැලි මහා සෑයේ ආශිර්වාදය නිසා බවත් සද්ධාරතන හිමියෝ අවධාරණය කළහ. බළන්ගොඩ කස්සප හිමි ඇතුළු පිරිසක් වත්මන් රජය අපහසුතාවට පත් කරමින් බුද්ධ ශාසනයට හා රටට විනාශයක් සිදුකිරීමට උත්සාහ දරන බවට ද උන්වහන්සේ එහිදී බරපතළ චෝදනා එල්ල කළහ.

තමන් කිසිදු පෞද්ගලික ලාභ ප්‍රයෝජනයක් හෝ මුදලක් බලාපොරොත්තුවෙන් කටයුතු නොකරන බවත්, රට සහ ශාසනය සුද්ද කරමින් ජනතාවට සහන සලසන වත්මන් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට එරෙහිව එන ඕනෑම කුමන්ත්‍රණයක් පරාජය කිරීමට දිවි හිමියෙන් පෙනී සිටින බවත් උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කර සිටියහ.

පසුගියදා අනුරාධපුර ප්‍රදේශයේදී පූජ්‍ය බළන්ගොඩ කස්සප හිමියන් සහභාගී වූ වැඩසටහනක් ආසන්නයේදී රාජාංගණයේ සද්ධාරතන හිමියන් සහ තවත් පිරිසක් අතර උණුසුම් ගැටුමක් ඇති විය. එහිදී එල්ල වූ ප්‍රහාරයකින් තුවාල ලැබූ සද්ධාරතන හිමියන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර, සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. සද්ධාරතන හිමියන් සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කරමින් නිරන්තරයෙන් අවධානය දිනාගත් හිමිනමකි.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka