gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මම කිසිම දේකට බය නෑ... මම කතා කළේ අසාධාරණයට විරුද්ධව! - අසාධාරණයට එරෙහිව කටුනායකදී කෑගැහුවාට පොලිසියට එන්න කියපු තරුණයා පළමු වරට මාධ්‍යයට කතා කරයි! (VIDEO)

කටුනායක වීසා පහසුකම් ලබා දීම විදෙස් සමාගමකට පැවරීමට එරෙහිව අදහස් දැක්වූ සජිත් කුමාරසිංහ මහතා අද දින ‌ප්‍රකාශයක් ලබා ගැනීම සදහා පොලිසිය වෙත කැදවා තිබිණ.

එහිදී මාධ්‍ය අමතමින් ඒ මහතා කියා සිටියේ තමන් කතා කළේ අසාධාරණයට එරෙහිව බවත්, ඒ වෙනුවෙන් ඔනෑම දෙයකුට සූදානම් බවත්ය.

ජාතික රූපවාහිනිය AI නිවේදකයන් ලවා ප‍්‍රවෘත්ති කියවයි... නිවේදකයන්ට වැඩ නැතිවේ!

ජාතික රූපවාහිනිය ඊයේ දිනයේ සිය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය කෘතිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කරන ලද නිවේදක යුවළක් භාවිතයෙන් සිදු කරන ලදී.

ජාතික රූපවාහිනී ප්‍රධානතම නිවේදකයන් දෙදෙනකු වන චමින්ද ගුණරත්න හා නිශාධි බණ්ඩාරනායක දෙදෙනාගේ අනුරූ මෙසේ කෘතිම බුද්ධිය ඇසුරෙන් නිර්මාණය කර තිබින.

වීසා ප‍්‍රශ්ණයට ගුවන්තොටේ කෑගැසූ තරුණයා ආගිය අතක් නෑ!

කටුනායක ගුවන් තොටුපළේ විසා නිකුත් කිරීමේදී ඇති වූ ගැටලුකාරී තත්ත්වයක් සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල කරමින් හැසිරුණු ගුවන් මගියා මෙතෙක් සොයා ගැනීමට නොහැකිව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. මෙම පුද්ගලයා පිළිබඳව සොයා බැලීමක් කරන ලද වුවද ඔහු මෙතෙක් සොයා ගැනීමට හැකිවී නැත.

කඩිනමින් සිදුකිරීමට යන පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ!

1979 වසරේ ඉදිවුනු වසර 40 ක් පමණ පැරණි වත්මන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ යම් යම් ප්‍රතිසංස්කරණ සිදුකිරීම අවශ්‍යවන අතර එම ප්‍රතිසංස්කරණ කටයුතු වහාම ආරම්භකිරීමට කටයුතු යොදා අවසන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ප්‍රමිතිය ගැන ලොකු ප්‍රශ්නයක්! තාමත් හදාගෙන යන මධ්‍යම අධිවේගී මගේ දැවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් දෙකට මැදින් කඩන් වැටෙයි!

ඉදි වෙමින් පවතින කොළඹ මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ මගලෙගොඩ හා බෙම්මුල්ල අතර කොටසේ කණු මතින් ඉදි වෙන මාර්ගයේ දෑවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් පෙරේදා (4) පස්වරුවේ කඩා වැටී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

රෙපෙයාර් එකට කෝටි දෙකහමාරක් යනවා, ඒ නිසා අලුත් වාහනයක් තිබුණොත් හොඳා – කථානායක

තමා පරිහරණය කරන වාහනය වසර 15ක් ඉක්ම යෑම නිසා, එය අලුත්වැඩියා කිරීමට ප්‍රධාන පෙලේ සමාගමකින් රුපියල් දෙකෝටි හැට අට ලක්ෂයකට ඇස්තමේන්තු කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අනාවරණය කර ඇත.

මගෙන් උපදෙස් ගත්තා නම් එයාර්පෝර්ට් එකේ පෝලිම් නෑ – සජිත් ප්‍රේමදාස

විදේශිකයන්ගෙන් අය කරන වීසා ගාස්තු ඉහළ නැංවීමෙන් සිදුවන අගතිය පිළිබඳ තමන් පසුගියදා පාර්ලිමේන්තුව දැනුම්වත් කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

දේශපාලන වාසිය සඳහා පැති මාරු කළ පිරිසක් සිය යෝජනාව විවේචනය කළ බව ද හෙතෙම සඳහන් කරයි.

හැට නව ලක්‍ෂය මටයි... ඒක කොල්ලකන්න කිසිවෙකුට ඉඩ දෙන් නෑ - දිලිත් ජයවිර

 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්දය දුන් ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට තමන්ට වගකීමක් ඇතැයි මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවිර මහතා සඳහන් කරයි.

හැටනම ලක්ෂයක ජනතාවක් පොදු ජන පෙරමුණට ඡන්දය ලබා දුන්නේ රනිල් වික්‍රමසිංහට රට භාරදීමට නොවන බවත් ඔහු පවසයි.

රනිල්-බැසිල් සාකච්චාවක් තීරණාත්මකව බිද වැටේ!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අතර පැවති තවත් සාකච්ඡාවක් එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ. මීට පෙරද ඔවුන් දෙදෙනා අතර සාකච්ඡා වට හතරක් පැවැති අතර එහිදී මූලික බලාපොරොත්තුව වී තිබුණේ ජනාධිපතිවරණය කැඳවීම පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණය පැවැත්වීමයි.

බෝගම්බර හෝටලයක් වෙයි.. ෂොපින් මෝල්, ෆුඩ් කෝට්, කෞතුකාගාර ඉදිවෙයි..

බෝගම්බර බන්ධනාගාරය හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සදහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වෙයි. එහි පෞරාණික බව රැකගනිමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඇමති ටිරාන් සහ දේශබන්දු කටුනායක ඇටවූ උගුලට හොරණ වෙඩික්කරු හසුවේ.. මහ දවල් හොරණ වෙඩි තැබූ බව කියන පුද්ගලයා හවස රට පනිද්දී කොටුවෙයි !

හොරණ පොලිස් වසමේ බේස්ලයින් වත්ත ප්‍රදේශයේදී ස්කුටි වර්ගයේ යතුරු පැදියකින් පැමිණ හොරණ ප්‍රදේශයේ පදිංචි වල්පිටගේ දොන් සංජය අසන්ත යන අයට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු ගුවන්තොටුපල

මැතිවරණයෙන් පසු ජනතාවට තිබුණාටත් වඩා දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙනවා..

ආණ්ඩුව විසින් මැතිවරණ ඉලක්ක කර ගනිමින් ජනතාවට සහන ලබාදීම ජනතාව රැවටීමක් හා මුළා කිරීමක් බව ජාතික ජන බලවේග විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

ජපානයෙන් වාහන ගෙන්වීමට තවත් බාධකයක් – ආනයනයට අවසර දුන්නත් කල් ඇදෙන හැඩ!

රජය වාහන ආනයනය සඳහා යළි අවසර ලබා  දුන්නද එසේ යළි අවසරය ලැබෙන දිනයේ සිට එම වාහන මෙරටට ගෙන්වීමට සැලකිය යුතු කාලයක් ගත විය හැකි බව ජපානයේ ශ්‍රි ලංකා වාහනකරුවන්ගේ සංගමය් උපදේශක ජගත් රාමනායක පවසයි.මේ තත්ත්වයට හේතුව ශ්‍රි ලංකාවෙන් නිකුත් වන ණයවර ලිපි සඳහා මුදල් නොගෙවන ලෙසට ජපාන බැංකු පද්ධතිය වෙත

පොහොට්ටු අපේක්ෂකයා ජූනි මුල් සතියේ තීන්දු වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව ජූනි මස පළමු සතියෙන් පසු තීරණය කෙරෙනු ඇතැයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ ද නැතහොත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබාදෙනවා ද යන්න පිළිබඳව තීරණය කෙරෙනු ඇත.

ආණ්ඩුවෙන් දෙන හාල් ටික තමන්ගේ පක්ෂයෙන් දෙනවා වගේ ජනාධිපතිම ගිහින් දෙනවා! අරක්කු බලපත්‍ර තොග ගණනින් බෙදනවා! හිටිගමන් නින්දෙන් නැගිටලා වගේ වතුකම්කරුවන්ට 1700ක් දෙනවා කියනවා! ඡන්දෙ ඉලක්ක කරලා ආණ්ඩුව ලැජ්ජ නැති ව්‍යාපෘති රැසක් දියත් කරලා! VIDEO

ආණ්ඩුව ලැජ්ජාවක් නොමැතිව මැතිවරණය ඉලක්ක කර ව්‍යාපෘති රැසක් දියත් කොට ඇති බව ඩලස් අලහප්පෙරුම මහතා කීය. ඒ මහතා පෙන්වා දුන්නේ හාල් බෙදිල්ල, අරක්කු බලපත්‍ර බෙදීම, වතුකම්කරුවන්ට පඩි වැඩි කරන බව කීම ආදිය මැතිවරණයක පෙරමග ලකුණු බවකි.

ශානි අබේසේකර වැඩ තහනම් කිරීමේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට තීන්දු වෙයි!

2019 ජනාධිපතිවරණයෙන් පසු තම වැඩ තහනම් කිරීමට ජාතික පොලිස් කොමිසම ගත් තීරණය අභියෝගයට ලක් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර විසින් ගොනු කරන ලද ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරියට ගෙන යාමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නේය.

විපක්‍ෂයේ 15ක් ජනපතිගේ සහායට.. ජනපති හා සාකච්චා..

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග රජය ඇතිකරගත් එකඟතා සඳහා සහාය දීමට අදාල නීති රීති සහිත පනත් කෙටුම්පතට විපක්ෂයේ මධ්‍යවරුන් 10-15 දෙනකු පමණ සහාය දීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

රනිල් අගමැතිකම ඉල්ලලා අපිට පණිවුඩ එවනවා! මැයි දිනේදී මරික්කාර්ගෙන් හෙළිදරව්වක්! (VIDEO)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරි සජබ රජයක් යටතේ අගමැති ධුරය ලබාදෙන ලෙස ඉල්ලා පණිවුඩ එවමින් සිටින බව සජබ මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර් මහතා අනාවරණ කළේය.

සජබ මැයි රැලියට එක්වෙමින් කළ සිය කතාවේදී මරික්කාර් මහතා මේ බව ප්‍රසිද්ධියේ සඳහන් කර සිටියේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka