gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල්ගේ දෑත ශක්තිමත් කරන්න කාවිංග පෙරේරා එකතු වෙයි

ජනප්‍රිය රංගන ශිල්පී කාවිංග පෙරේරා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා. ඒ ඊයේ (18) උදෑසන සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ තරුණ වෘත්තීය වේදින්ගේ සංගමයේ මහාසභා රැස්වීමට සහභාගීවීමෙන් අනතුරුවයි.

ලන්සාට අමුත්තා නිසා ජනපතිගේ රෑ කෑමත් එපා වෙයි

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමේ ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කමිටුවට බැසිල් රාජපක්ෂ මහතා සහභාගි කර ගැනීම හේතුවෙන් නිමල් ලංසා, අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රමුඛ නව සන්ධානයේ කණ්ඩායම එයට සහභාගි වී නැතැයි වාර්තා වේ.

රනිල්ව දැම්මේ අපි! එයා නටන්නේ අපේ පදේට! උද්ඝෝෂණවලට රම්පෙට පොරි හැලෙන්න දෙන්නේ ඒ නිසා (video)

ජනාධිපතිවරයා පත් කළේ පොහොට්ටුව බවත්, එසේ පත් කළේ පොහොට්ටුවේ පදයට ඒ මහතා නටන නිසා බවත් රෝහිත අබේගුණවර්ධන මහතා කීය.  උද්ඝෝෂණවලදී ජනාධිපතිවරයා රම්පෙට පොරි හැලෙන්න දෙන්නේ ඒ නිසා බවද ඒ මහතා කියා සිටියේය.

ලබන මාසෙ 14 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවනවා! ‌රාජපක්ෂ පවුලෙන් ප්‍රකාශයක්! VIDEO

ලබන 14 වැනි දින පාර්ලිමේන්තුව විසුරුවා හරින බව හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග යම් එකගතාවකට පැමිණ ඇති බවකි.

කටුනායක පෝටර්ට දෙන්න රුපියල් 300ක් නැති ප්‍රසන්න රණවීරට කරන්දෙණිය තරුණයෝ මනි ඕඩරයකින් රුපියල් 300ක් යවති! (video)

රුපියල් 300ක් නොමැති වීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළේදී පෝටර්වරයෙකුට පහර දුන් ප්‍රසන්න රණවීර අමාත්‍යවරයාට රුපියල් 300 ක් මනි ඕඩරයක් මගින් යැවීමට  ගාල්ල කරන්දෙනිය අපේ දහම් පදනමේ සභාපති ප්‍රියන්ත විජය වික්‍රම ඇතුළු තරුණයින් පිරිසක් කටයුතු කළේය.

EXCLUSIVE : පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ! ජනාධිපතිවරණය ඔක්තෝබර් 05..!

ජනාධිපතිවරණයට පෙරාතුව මහ මැතිවරණය පැවැත්විය යුතු බවට විවිධ පාර්ශ්වවලින් ලැබී ඇති ඉල්ලීම් හමුවේ එසේ මහ මැතිවරණය පැවැත්වීමට නම් ලබන ජූලි මස 15 වැනි දිනට ප්‍රථම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

විමල්ගේ මන්ත‍්‍රී ලංසාගේ සන්ධානයට එක්වේ!

ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින ජගත් ප්‍රියංකර මහතා අනුර ප‍්‍රියදර්ශණ, නිමල් ලන්සා ඇතුළු කණ්ඩායම විසින් පිහිටුවා ඇති නව සන්ධානය සමග එක්ව තිබේ.

ටිරාන් එක්ක කෙලින් ම වැඩට ලංකාව වටෙන් ම 1000ක ටීම් එකක්!

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ සියලුම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි කැඳවූ ජන හමුව අද පැවැත්විණි.

ඒ සඳහා දිවයිනේ පොලිස් කොට්ඨාශ 45ක පොලිස් ස්ථාන 602 ක් ආවරණය කරමින් නියෝජිත මහත්ම මහත්මීන් දහසකට අධික පිරිසක් සහභාගී වූහ.

ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා සජබෙ එක්ක තරහින් ඉන්න හේතුව පළමු වරට එළියට එයි! (VIDEO)

සමගි ජන බලවේගය සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අතර මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් අශෝක අබේසිංහ මහතා රූපවාහිනී සංවාදයකදී අදහස් දැක්වීය.

එහිදී ඒ මහතා කියා සිටියේ 2024 ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය ෆොන්සේකා මහතා ඉල්ලා සිටියත් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒ සදහා සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා කළ බවකි.

ලැජ්ජ නැද්ද අයිසෙ.. පුළුවන් එකෙක් ඉන්නවනං නවත්තන්න - හර්ෂගෙන් බර අවි ප‍්‍රහාරයක්! (VIDEO)

සමගි ජන බලවේග මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා දැඩි ප්‍රතිචාර දක්වයි.

රුසියානු හමුදාවට බැඳුණු ලංකාවේ කුලී හේවායන් පිරිසක් යුක්රේන හමුදා අල්ලාගනී!

ඩොනෙට්ස්ක් කලාපයේ චාසිව් යාර් ප්‍රදේශයේදී ශ්‍රී ලංකාවෙන් පැමිණි කුලී හේවායන් අල්ලා ගැනීමට යුක්රේන සන්නද්ධ හමුදා සමත් වූ බව යුක්රේන ජනමාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපති රටම අන්දලා මුලින්ම තියෙන්නෙ මහ මැතිවරණයක්…දැන් ඒකට වැඩත් පටන් අරන් ඉවරයි - ඩිලාන් පෙරේරා කැට දමා කියයි

රටම ජනාධිපතිවරණයක් සඳහා සූදානම් කරන ආකාරයට හැසිරෙමින් මේ ජනාධිපතිවරයා මුලින් පවත්වන්නේ මහ මැතිවරණයක් බව කැට දමා කියන බවත්  මේ වනවිට පාර්ශව හතරක් එක් වී මහ මැතිවරණය සඳහා සියලුම කටයුතු සූදානම් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන්  පෙරේරා ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හෙළිදරව් කළේය.

ඉෂාලිනී දැරියගේ මරණය: රිෂාඩ් බිරියට, මාමණ්ඩියට නඩු පවරන්න උසාවියෙන් නියෝග

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට අයත් කොළඹ ප්‍රදේශයේ පිහිටි නිවෙසක මෙහෙකාර සේවයේ යෙදී සිටි බාල වයස්කාර දැරියක් මීට වසර 3කට පමණ පෙර පිලිස්සී මිය යෑමේ සිද්ධියට අදාළව රිෂාඩ් බදියුදීන්ගේ බිරිය, මාමණ්ඩිය හා දැරියව මෙහෙකාර සේවයට යෙදවූ පුද්ගලයාට එරෙහිව නඩු පවරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල නියෝග කළේ ය.

උදයංග බලවතෙක් බව රනිල් පිළිගනී!

රුසියානු යුක්‍රේන යුද්ධය මුල් කර ගනිමින් සිදු කරන ලද මිනිස් ජාවාරමෙන් වින්දිතයන් බවට පත්වී සිටින විශ්‍රාමික හමුදා සාමාජිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් උදයංග වීරතුංගට ප්‍රමුඛත්වය ලබාදී තිබේ.

එදා රට වැටුණු වෙලේ සජිත්‍, අනුර කවුරු රට බාර ගත්තත් මේ සහයෝගය මේ විදිහටම අපි දෙනවා - ප්‍රමිත බණ්ඩාර

‘එදා රට වැටුණු වෙලේ සජිත්‍ල අනුර කවුරු රට බාර ගත්තත් මේ සහයෝගය මේ විදිහටම අපි දෙනවා’ යයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

සමූහ ඝාතනයක් සිදුකර මරණීය දණ්ඩනය නියම වූ සුනිල් රත්නායකට ජනාධිපති සමාව දුන් ‍ගෝඨා අධිකරණයට…

2000 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනය මිරිසුවිල් ප්‍රදේශයේදී අවුරුදු පහක කුඩා දරුවකු ඇතුළු අවතැන්ව සිටි සිවිල් වැසියන් 8 දෙනෙකු කපා කොටා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර සිටි යුද හමුදා සැරයන් සුනිල් රත්නායක ජනාධිපති සමාව

“සිදු නොවිය යුතු දෙයක් වුණා” – ප්‍රසන්න රණවීර (video)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් එදා ‘තමන් අතින් නොවියුතු දෙයක් සිදු වු බව ” කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි.

ප‍්‍රබලම පිතිකරු කුසල්ට ඇමරිකා වීසා තවම නෑ.! - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)

අමෙරිකාවට යෑම සඳහා ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස් ඉදිරිපත් කළ වීසා අයදුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා අද (17) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka