වීසා ප‍්‍රශ්ණයට ගුවන්තොටේ කෑගැසූ තරුණයා ආගිය අතක් නෑ!
කටුනායක ගුවන් තොටුපළේ විසා නිකුත් කිරීමේදී ඇති වූ ගැටලුකාරී තත්ත්වයක් සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල කරමින් හැසිරුණු ගුවන් මගියා මෙතෙක් සොයා ගැනීමට නොහැකිව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. මෙම පුද්ගලයා පිළිබඳව සොයා බැලීමක් කරන ලද වුවද ඔහු මෙතෙක් සොයා ගැනීමට හැකිවී නැත.
ඔහුගේ බිරිඳට ශ්‍රී ලංකාවට ඇතුල්වීමට වීසා බලපත්‍ර නිකුත් වීම ප්‍රමාද වීම හේතුවෙන් ඔහු ගුවන්තොටුපලේදී දැඩි චෝදනා එල්ල කළේය.
ඉන්දීය සමාගමකට මෙරටට ඇතුළුවීමේ වීසා නිකුත් කිරීමේ කටයුත්ත බාර දී ඇති බවට ඔහු පැවසුවත් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය එම ප්‍රකාශය දැඩිව ප්‍රතික්ෂේප කළේය.
කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය ඉදිරියේදී දිගටම ක්‍රියාත්මක වන බවද මහජන අමා ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ සඳහා කැබිනට් මණ්ඩලයද අනුමැතිය ලබා දී ඇති බවත් පාර්ලිමේන්තුවේ ද සම්මත වූ බවත් ඔවුන් සඳහන් කරති.
වීසා ප‍්‍රශ්ණයට ගුවන්තොටේ කෑගැසූ තරුණයා ආගිය අතක් නෑ!
2024-05-06T12:23:00+05:30
Gossip Lanka Hot News





