රෙපෙයාර් එකට කෝටි දෙකහමාරක් යනවා, ඒ නිසා අලුත් වාහනයක් තිබුණොත් හොඳා – කථානායක
තමා පරිහරණය කරන වාහනය වසර 15ක් ඉක්ම යෑම නිසා, එය අලුත්වැඩියා කිරීමට ප්‍රධාන පෙලේ සමාගමකින් රුපියල් දෙකෝටි හැට අට ලක්ෂයකට ඇස්තමේන්තු කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අනාවරණය කර ඇත.
‘දිවයින’ වාර්තා කර ඇති ආකාරයට, මෙම තත්ත්වය අනුව පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට තීරු බදු රහිත වාහන ලබාදීම යෝග්‍ය යැයි කී කථානායකවරයා ඔවුන්ට මෙම වාහන ලබාදීම පිළිබඳව ලබන සතියේ රැස්වෙන පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී සඳහන් කරන බැව්ද පවාඅ ඇත.
තමාගේ වාහනය අලුත්වැඩියා කරනවාට වඩා අලුත් වාහනයක් ලබාගැනීම සුදුසු යැයි තමාට හැඟී ගිය බවද කථානායකවරයා සඳහන් කර තිබේ.
ඕනෑම වාහයනයක් වසර දහයකට වැඩි කාලයක් පරිහරණය කිරීමට නොහැකි යැයිද මහින්ද යාපා අබේවර්ධන සඳහන් කර ඇත.
තමා දැනට පෞද්ගලික වාහනයක් සහ පැරණි වාහනය ගමන් බිමන් සඳහා යොදාගන්නා බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
රෙපෙයාර් එකට කෝටි දෙකහමාරක් යනවා, ඒ නිසා අලුත් වාහනයක් තිබුණොත් හොඳා – කථානායක
2024-05-06T07:23:00+05:30
Gossip Lanka Hot News





