ප්‍රමිතිය ගැන ලොකු ප්‍රශ්නයක්! තාමත් හදාගෙන යන මධ්‍යම අධිවේගී මගේ දැවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් දෙකට මැදින් කඩන් වැටෙයි!
ඉදි වෙමින් පවතින කොළඹ මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ මගලෙගොඩ හා බෙම්මුල්ල අතර කොටසේ කණු මතින් ඉදි වෙන මාර්ගයේ දෑවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් පෙරේදා (4) පස්වරුවේ කඩා වැටී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
වෙල් යාය මැද මෙම ප්‍රදේශයේ මාර්ගය ඉදි කිරීමෙන් පවතින්නේ කොන්ක්‍රීට් කණු මතය .එහි ඉදිකිරීම් කටයුතු සිදු කරන අවධියේ දමන ලද හරස් කොන්ක්‍රීට් බාල්කයක් මෙසේ මැදින්කඩා වැටී ඇත.
මාර්ගය ඉදිකිරීම් සිදු වෙන අතර මෙසේ කොන්ක්‍රීට් බාල්ක කඩා වැටෙන්නේ නම් මාර්ගය ඉදිකර අවසන් වීමෙන් පසු අධිවේගී මාර්ගයේ ගමන් කිරීම මහත් අනතුරකට හේතුවක් වනු ඇතැයි ප්‍රදේශවාසී වූ සඳහන් කරති .
ප්‍රමිතිය ගැන ලොකු ප්‍රශ්නයක්! තාමත් හදාගෙන යන මධ්‍යම අධිවේගී මගේ දැවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් දෙකට මැදින් කඩන් වැටෙයි!
2024-05-06T07:27:00+05:30
Gossip Lanka Hot News





