gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජපානයෙන් වාහන ගෙන්වීමට තවත් බාධකයක් – ආනයනයට අවසර දුන්නත් කල් ඇදෙන හැඩ!

රජය වාහන ආනයනය සඳහා යළි අවසර ලබා  දුන්නද එසේ යළි අවසරය ලැබෙන දිනයේ සිට එම වාහන මෙරටට ගෙන්වීමට සැලකිය යුතු කාලයක් ගත විය හැකි බව ජපානයේ ශ්‍රි ලංකා වාහනකරුවන්ගේ සංගමය් උපදේශක ජගත් රාමනායක පවසයි.මේ තත්ත්වයට හේතුව ශ්‍රි ලංකාවෙන් නිකුත් වන ණයවර ලිපි සඳහා මුදල් නොගෙවන ලෙසට ජපාන බැංකු පද්ධතිය වෙත මේ වනවිට උපදෙස් ලැබ ඇති නිසා බවත් එම තිරණය ආපසු හැරවීමේ ක්‍රියාවලියට යම් කාලයක් ගත විය හැකි බැවින් යළි ජපානයෙන් වාහන ගෙන්වීමේදී  සැලකිය යුතු කාලයක් ගත විය හැකි බව රාමනායක මහතා පෙන්වා දුන්නේ හිරු ටිවී නාලිකාවේ හාඩ් ටෝක් විශේෂාංගතයට දිලාන් මායාදුන්නේ සමඟ එක්වෙමිනි.

,පසුගිය කාලයේ හ්‍රි ලංකාවට වාහන ආනයනය කිරීම සඳහා විවෘත කළ ණයවර ලිපි සඳහා මුදල් නොගෙවන ලෙස හ්‍රි ලංකාවේ මහ  රජය ජපාන බැංකු  පද්ධතිය වෙත නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. මේ නිසා මේ වනවිට ජපානයේ බැංකුවලින් පහසුවෙන් මුදල් නිදහස් කර ගන්නට බැහැ. ශ්‍රි ලංකාව හෙට යලි වාහන ගෙන්වීම සඳහා  අවසරය ලබා දුන්නත් මෙම ණයවර ලිපි ක්‍රියාවලිය යලි සක්‍රිය කිරීමට නිල වශයෙන් එම බැංකු පද්ධතිය දැනුවත් කළ යුතුයි. මේ සඳහා යම් කාලයක් ගත වේවි.එහි නිසා ඉක්මනින් යලි වාහන ගෙන්වීමේ හැකියාවක් ලැබෙන එකක් නැහැ? රාමනායක මහතා මාධ්‍යෙව්දියා කළ ප්‍රශ්න කිරිම් හමුවේ පැහැදිලි කළේය..

ශ්‍රි ලංකාවේ බොහෝ  නිති රීති පැය 24ක් තුළ වෙනස් කෙරෙන බවත් එවැනි තත්ත්වයක් තුළ මෙවැනි ව්‍යාපාරවලදී බොහෝ අසිරුතා පැන නැනෙ බව සඳහන් කළ රාමනායක මහතා යම් නීතියක් වෙනස් කරනවා නම් අද මධ්‍යම රාත්‍රි 12 සිට නොමැතිව යම් නිහ්චිත කාලවකවානුවක් ලබාදී එය සිදු කළ යුතු බව පෙන්වා දුන්නේය.

“ මේ කඩිනම් නීති වෙනස් කිරීමෙන් අහිසංසක පුද්ගලයන් අමාරුවේ වැටෙන්නේ. මීට අවුරුදු හතරකට කලින් එක පාරට වාහන ගෙන්වීම නැවැත්තුවා. ඒ වෙලාව වනවිට ණයවර ලිපි විවෘ.ත කර මුදල් ගවා තිබු පුද්ගලයන් ගණනාවකගේ වාහන ලංකාවට ආවා. මේ වාහන අවුරුදු හතරක් තිස්ස් හම්බන්තොට වායේ ගොඩ ගැහිලා. ළඟදී තමයි නිදහස් කළේ. ඔවුන් කාටවත් වරදක් කරපු අය නෙවයි. මෙය සිදු නොවිය යුු තත්ත්වක්. මම රටවල් 50ක් 60ක් එක්ක ගනුදෙනු කරන කෙනෙක් . ලංකාවේ තරම් වේගයෙන් නීති වෙසස් කරන වෙනත් රටක් ඒ අතර නෑ. “ යනුවෙන්ද ජගත් රාමනායක මහතා එහිදී පැවසීය.

මේ වනවිට රජය සංචාරක ක්ෂේත්‍රයට අවශය බස් රථ 25ක් සහ වෑන් රථ 750ක් කඩිනමින් ගෙන්වීම සඳහා නිල අවසරය ලබා දී ඇති අතර සෙසු වාහනය ආනයනය සඳහා යලි අවසරය ලබා දීම පිළිබඳව කමිටුවක් හරහා සලකා බලමින් සිටින බව පසුගියදා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේය.

-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka