ඇමති ටිරාන් සහ දේශබන්දු කටුනායක ඇටවූ උගුලට හොරණ වෙඩික්කරු හසුවේ.. මහ දවල් හොරණ වෙඩි තැබූ බව කියන පුද්ගලයා හවස රට පනිද්දී කොටුවෙයි !
හොරණ පොලිස් වසමේ බේස්ලයින් වත්ත ප්‍රදේශයේදී ස්කුටි වර්ගයේ යතුරු පැදියකින් පැමිණ හොරණ ප්‍රදේශයේ පදිංචි වල්පිටගේ දොන් සංජය අසන්ත යන අයට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු ගුවන්තොටුපල ස්වයංක්‍රීය මුහුණු හදුනාගෙන ගැනීමේ පද්ධතිය (Automated Facial recognize system – AFRS) මගින් අත්අඩංගුවට ගෙන ඇත.
වෙඩි වැදීමෙන් තුවාල ලැබු සැකකරු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, මෙම වෙඩිතැබීම දෙපාර්ශවය අතර දිර්ඝ කාලයක සිට පැවැති ආරවුලක් මත සිදුකර ඇති බවට මේවනවිට අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වන 48/F, හොරකැටිය, හොරණ ලිපිනයේ පදිංචි ගොඩැල්ලගේ අෂේන් ජනිත් කුමාර (අවු.31) වේ.
එසේම, වෙඩිතැබීමට පැමිණි යතුරු පැදිය හොරණ පොලිස් වසමේදී විශේෂ කාර්ය බලකා නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Posted in: deshabandu-tennakoon,tiran alles
ඇමති ටිරාන් සහ දේශබන්දු කටුනායක ඇටවූ උගුලට හොරණ වෙඩික්කරු හසුවේ.. මහ දවල් හොරණ වෙඩි තැබූ බව කියන පුද්ගලයා හවස රට පනිද්දී කොටුවෙයි !
2024-05-05T19:23:00+05:30
Gossip Lanka Hot News
deshabandu-tennakoon|tiran alles|






