රංජන් ජයලාල් ශ්‍රේෂ්ඨ නායකයෙක්… ඔහු කටට එන දේ ඔහේ කියනවා… අල්ලස් ගත් බවට සාක්කි නෑ… පක්ෂෙන් අවවාද කළා…ඇමති ලාල්කාන්ත…
කඩුවෙල නගර සභාවේ නගරාධිපති රන්ජන් ජයලාල් මහතා විසින් සිදුකරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශය ජාතික ජන බලවේගය හෝ රජය කිසිසේත්ම අනුමත නොකරන බවත්, පවතින දූෂණ විරෝධී නීතියට අනුව ඉදිරි උත්සව සමයේදී රාජ්‍ය සේවකයන් කිසිදු ආයතනයකින් තෑගි භෝග ලබා නොගත යුතු බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කරයි.
ජපන් ජීවිතය අපිට සමීප කළ "නයෝමි චන්" දරු ප්‍රසූතියේදී අවාසනාවන්ත ලෙස ජීවිත ගමනට සමුදෙයි!
ජීවිතය කෙතරම් අවිනිශ්චිතදැයි යන්න යළි යළිත් පසක් කරමින්, ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පමණක් නොව මෙරට දහස් සංඛ්‍යාත සමාජ මාධ්‍ය පරිශීලකයන්ද දැඩි කම්පනයකට පත්කළ පුවතක් පසුගිය නොවැම්බර් 10 වැනිදා රාත්‍රියේ වාර්තා විය. ඒ, තමන්ගේ කුලුඳුල් දරුවා මෙලොවට බිහිවන දිනය මඟබලාගෙන, අතිශය සුන්දර පවුල් ජීවිතයක් ගතකරමින් සිටි ජනප්‍රිය යූටියුබ් සහ ටික්ටොක් නිර්මාණකාරිනියක වන 'නයෝමිචාන්' හෙවත් ආශා නයෝමි වීරවර්ධනගේ හදිසි අභාවයයි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ සිර දඬුවම ගැන බෙදුණු තීන්දුවක්... අද ඉරණම විසඳීම සභාපති විනිසුරුට!
2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීමේ සිද්ධියකට වරදකාරිය වී වසර තුනක සිර දඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කරන ලද අභියාචනයේ තීන්දුව බෙදුණු තීන්දුවක් වීම හේතුවෙන්, එය යළි සලකා බැලීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ඉදිරියේ අද (නොවැම්බර් 11) කැඳවන ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර තිබේ.























