gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ICC මුදල් දීම නවතයි... SL Cricket දෛනික වියදමට වාහන තොගයක් විකුණයි... ජාතික කණ්ඩායමටත් අනුග‍්‍රාහකයන් නෑ!

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරන ලද පරිවර්තන කමිටුවක් මඟින් පාලනය වීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සභාව ශ්‍රී ලංකාවට ලබාදෙන අරමුදල් තාවකාලිකව රඳවා ගැනීමට පියවර ගැනීමත් සමඟ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටියි.

ඒ් අනුව එදිනෙදා මෙහෙයුම් වියදම් පියවා ගැනීම සඳහා ආයතනය සතු වාහන 26ක්  විකිණීමට තීරණය කර ඇත.

ක්‍රිකට් ආයතනය මුහුණ දී ඇති මෙම මුදල් හිඟය කළමනාකරණය කරගැනීම සඳහා එක් වාහනයක් රුපියල් ලක්ෂ 200කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී ජීප් රථ 08ක්, ඩබල් කැබ් රථ 08ක්, ආසන 29 බස් රථ 04ක්, ආසන 16 වෑන් රථ 02ක්, කාර්ය මණ්ඩල කැබ් රථ 02ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ලොරි රථ 02ක් වශයෙන් වාහන 26ක් ටෙන්ඩර් පටිපාටිය යටතේ විකිණීමට පසුගිය සතියේ පුවත්පත් දැන්වීම් පළකර තිබිණි.

මීට අමතරව දැඩි මූල්‍ය පාලන ක්‍රමවේදයක් අනුගමනය කරමින් සේවක අතිකාල දීමනා කපා හැරීමට පියවර ගෙන ඇති අතර, බාහිර පාර්ශ්වයන් සහ සේවා සපයන්නන් වෙත සිදුකළ යුතු ගෙවීම් ද මාස ගණනාවකින් ප්‍රමාද වී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ දී ඇති මෙම මූල්‍ය අවපාතයට පරිපාලන අර්බුදය මෙන්ම ක්‍රීඩක දක්ෂතා පිරිහීම ද ඍජුව බලපා තිබේ. මෙරට ප්‍රධාන පිරිමි සහ කාන්තා ජාතික කණ්ඩායම් දෙකම මේ වන විටත් නිල අනුග්‍රාහකයින්ගෙන් (Sponsors) තොරව පවතින බව හෙළිව ඇත. අතීතයේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම, වයස අවුරුදු 19න් පහළ යොවුන් පිල මෙන්ම කාන්තා කණ්ඩායම් සඳහා පවා වෙනම අනුග්‍රාහකයන් ආකර්ෂණය කර ගැනීමට හැකි වුව ද, දිගින් දිගටම සිදුවන පරාජයන් සහ පරිපාලන ආරවුල් හේතුවෙන් ව්‍යාපාරික ආයතන ක්‍රිකට් වෙතින් ඈත්වෙමින් සිටියි.

විශේෂයෙන්ම, 2000 වසරෙන් පසු ගෙවුණු වසර 26ක කාලය තුළ අවුරුදු 19න් පහළ ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති අතර, මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන යොවුන් ආසියානු කුසලාන තරගාවලියේදී ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය හමුවේ පරාජය වෙමින් ශ්‍රී ලංකා යොවුන් පිල අවසන් පූර්ව වටයෙන්ම ඉවතට විසිවීම මීට නිදසුනකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානතම ආදායම් මාර්ගය වන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් සභාවෙන් හිමිවන වාර්ෂික ප්‍රතිපාදනයි. ICC අරමුදල් මෙලෙස අත්හිටුවීම හමුවේ දිවයිනේ ප්‍රධාන දේශීය තරගාවලි, පාසල් ක්‍රිකට්, කාන්තා ක්‍රිකට් සංවර්ධන වැඩසටහන් මෙන්ම ක්‍රීඩාංගණ යටිතල පහසුකම් නඩත්තු කිරීම බරපතළ අභියෝගයකට ලක්වනු ඇත.

ගෝලීය වශයෙන් විස්සයි20 ලීග් තරගාවලි වෙත වෙළෙඳ ප්‍රචාරණ මුදල් ඇදී යන පසුබිමක, 2028 වසර දක්වා දිවෙන ඉදිරි විකාශන අයිතීන් සහ ආදායම් චක්‍රය හමුවේ ශ්‍රී ලංකාව දැඩි මූල්‍ය කඩාවැටීමකට ලක්වීමේ අනතුරක් පවතින බව ද ක්‍රීඩා විචාරකයෝ අනතුරු අඟවති.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka