gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මාලිමා පනත්වලට එරෙහිව ජනතාව පාරට බස්සමු කී ආනන්ද පාලිතට සජිත්ගෙන් විරෝධය.. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ උණුසුම් ගැටුමක්!

සමඟි ජන බලවේගය පක්‍ෂයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එම පක්‍ෂයේ වෘත්තීය සමිති කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා අතර කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අද (11) උණුසුම් වචන හුවමාරුවක් ඇතිවූ බව එහි කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙක් පැවසීය.

පිටකෝට්ටේ පිහිටි සමඟි ජනබලවේගය පක්‍ෂයේ මූලස්ථානයේදී අද (11) පස්වරුවේ මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි. 

නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ආනන්ද පාලිත මහතා අතර වචන හුවමාරුව විනාඩි 20 ක පමණ කාලයක් පැවැති බවත් එම උණුසුම් තත්වයට සෙසු කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් මැදිහත් නොවූ බවත් එම සාමාජිකයා කීය. වර්තමාන ‘මාලිමා’ ක්‍රියාත්මක කරන ජනතා විරෝධී පනත් සහ ක්‍රියාමාර්ගවලට එරෙහිව සමඟි ජන බලවේගය ප්‍රධාන විපක්‍ෂය ලෙස මීට වඩා මැදිහත්විය යුතු අතර එම ජනතා විරෝධී ක්‍රියාවන්ට එරෙහිව පාක්‍ෂිකයන් පාරට ගෙන ඒමට කටයුතු කළ යුතු යැයි ආනන්ද පාලිත මහතා පැවසීමත් සමඟ පක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කෝපයට පත්වූ බව ද එම කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයා කීය.

ආනන්ද පාලිත මහතා අවස්ථා කීපයකදී තමන්ව විවේචනය කළ බව පවසමින් එහිදී සජිත් ප්‍රේමදාස මහතා දොස් නඟා තිබේ.

සමඟි ජන බලවේගය පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම්, එස්. එම්. මරික්කාර් සහ මුජිබර් රහුමාන් යන මහත්වරු ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෝ රැසක් මෙම උණුසුම් තත්වය අවස්ථාවේදී රැස්වීම් ශාලාවේ රැදී සිටි බව ද වාර්තා වේ.

(යොහාන් භාසුර)
-lankadeepa
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka