රනිල් ඉන්දියාවේ සංචාරයකින් පසුව යළිත් දේශපාලන පෙරළියකට සූදානමක්?
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන දෙසැම්බර් මාසයේදී චීන සංචාරයක නිරත වීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.
එම ඉන්දීය සංචාරය නිමවීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් සක්‍රිය දේශපාලනයට අවතීර්ණ වෙමින් දේශපාලන පෙරළියක් කිරිමට බොහෝදුරට ඉඩ ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති නඩුකරය දෙසැම්බර් මස 9 වැනිදා කැඳවන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
2023 වසරේදී බ්‍රිතාන්‍යයේ වුල්වර්හැම්ප්ටන් (Wolverhampton) විශ්වවිද්‍යාලයේ පැවති සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා රුපියල් මිලියන 16කට අධික රජයේ මුදල් අවභාවිත කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මෙම පැමිණිල්ල ගොනුකර ඇත. එම ක්‍රියාවට ආධාර අනුබල දුන්නේ යැයි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට එරෙහිව ද චෝදනා එල්ල වී තිබේ.
රනිල් ඉන්දියාවේ සංචාරයකින් පසුව යළිත් දේශපාලන පෙරළියකට සූදානමක්?
2026-11-11T17:40:00+05:30
Gossip Lanka Hot News





