SJB මහ ලේකම් මහ බුලක් කෙලී!
සමගි ජන බලවේගයේ පාලනය යටතේ පවතින මහනුවර, පන්විල ප්‍රාදේශීය සභාවේ ඉදිරි අයවැය ලේඛනය පරාජය කිරීමට පියවර ගන්නා ලෙස දන්වමින් එම පක්ෂයේ මහ ලේකම්වරයාගේ අත්සනින් යුතුව ලිපියක් යොමු කිරීමේ සිදුවීමක් වාර්තා වේ.
පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව ලැබී ඇති මෙම නියෝගය හේතුවෙන් පන්විල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පාලක පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම දැඩි විමතියට මෙන්ම අපහසුතාවට පත්ව තිබේ.
තමන්ගේම පක්ෂය විසින් බලය පිහිටුවා පාලනය කරගෙන යන පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් හෝ පක්ෂ නායකත්වයට මනා වැටහීමක් නොමැති වීම පිළිබඳව සභාවේ මන්ත්‍රීවරු දැඩි අප්‍රසාදය පළ කරති.
මෙම අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පන්විල ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර පෙරේරා මහතාගෙන් කළ විමසීමකදී ඔහු තහවුරු කළේ, මහ ලේකම්වරයාගේ ලිපිය දැකීමෙන් තමන් දැඩි කම්පනයට පත් වූ බවයි.
මේ පිළිබඳව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් මෙන්ම මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් ද වහා කරුණු විමසූ බවත්, එහිදී ඔවුන් මෙය ලිපිකරු දෝෂයක් මත සිදුවූ බරපතළ "අත්වැරැද්දක්" බව පිළිගත් බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේ නිල ප්‍රතිඵල අනුව පන්විල ප්‍රාදේශීය සභාව සඳහා සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරුන් 06 දෙනෙකු තේරී පත් විය.
ඊට අමතරව ජාතික ජන බලවේගය ආසන 05ක් ද, ලංකා කම්කරු කොංග්‍රසය ආසන 02ක් ද දිනාගත් අතර පොදුජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සර්වජන බලය එක් ආසනය බැගින් හිමිකර ගත්තේය.
SJB මහ ලේකම් මහ බුලක් කෙලී!
2026-11-11T09:29:00+05:30
Gossip Lanka Hot News





