gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉෂාලිනී දැරියගේ මරණය: රිෂාඩ් බිරියට, මාමණ්ඩියට නඩු පවරන්න උසාවියෙන් නියෝග

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට අයත් කොළඹ ප්‍රදේශයේ පිහිටි නිවෙසක මෙහෙකාර සේවයේ යෙදී සිටි බාල වයස්කාර දැරියක් මීට වසර 3කට පමණ පෙර පිලිස්සී මිය යෑමේ සිද්ධියට අදාළව රිෂාඩ් බදියුදීන්ගේ බිරිය, මාමණ්ඩිය හා දැරියව මෙහෙකාර සේවයට යෙදවූ පුද්ගලයාට එරෙහිව නඩු පවරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල නියෝග කළේ ය.

මෙම සිද්ධියේ පළමු විත්තිකරු වන දැරියව මෙහෙකාර සේවය සඳහා ලබා දුන් බව කියන පොන්නයියා පණ්ඩාරම්, දෙවැනි විත්තිකරු වන රිෂාඩ් බදියුදීන්ගේ මාමණ්ඩිය බව කියන අලි ඉබ්‍රාහිම් කිදර් මොහොමඩ් හා තෙවැනි සැකකාරිය වන රිෂාඩ් බදියුදීන්ගේ බිරිය බව කියන කිදර් මොහොමඩ් ශිහාබ්දීන් අයීෂා යන විත්තිකරුවන් තිදෙනාට එරෙහිව එසේ නඩු පවරන ලෙස අධිකරණයෙන් නියම විය.

කෘෘරත්වයට පත්කරමින් මෙහෙකාර සේවයේ යෙදවීම, තැනැත්තන් වෙළෙඳාම, ඇතුළු චෝදනා කිහිපයක් යටතේ කොළඹ දකුණ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය මගින් විත්තිකරුවන් තිදෙනාට එරෙහිව චෝදනා ගොනුකර තිබිණි.

මෙම සිද්ධියේ සිව් වන සැකකරු හා පස් වන සැකකරු වන රිෂාඩ් බදියුදීන් යන සැකකරුවන් දෙදෙනාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඔවුන් නිදහස් කරන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

ඩයගම ප්‍රදේශයේ පදිංචිව සිටි ඉෂාලිනී ජූඩ් කුමාර් නමැති බාලවයස්කාර දැරියක් සිරුරට ගිනි ඇවිළීමෙන් එසේ මිය ගොස් ඇති බව ද අධිකරණයෙන් හෙළි විය.

ඉහත සඳහන් පළමුවන සැකකරු වන පොන්නයියා පණ්ඩාරම් නමැත්තා එම දැරියව මෙහෙකාර සේවයේ යෙදවීම සඳහා කොළඹ බෞද්ධාලෝක මාවත ප්‍රදේශයේ පිහිටි රිෂාඩ් බදියුදීන්ගේ නිවෙසට භාර දී ඇති බව ත් ඒ වන විට එම දැරිය 15 හැවිරිදි වියේ පසුව ඇති බව ත් සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනය සිදු කළ බොරැල්ල පොලිසිය අධිකරණයට වාර්තා කර තිබේ.

වසර කිහිපයක් එම නිවෙසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි ඇයගේ සිරුරට 2021 ජූලි මස 3 වන දින ගිනි ඇවිළී ඇති බව ද පසුව ඇයව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව ද පොලිසිය අධිකරණයට දැක්වූ වාර්තාවේ සඳහන් ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය මූලික විමර්ශන සිදුකළ අතර පසුව කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය හා කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යාංශය එම විමර්ශන ඔවුන් භාරයට ගෙන තිබිණි.

ඒ අනුව, විමර්ශන අංශ මෙම සිද්ධියට අදාළව 20 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබූ අතර එම විමර්ශනවල ප්‍රතිඵලයක් වශයෙන් ඉහත සඳහන් විත්තිකරුවන් තිදෙනා ඇතුළු පස් දෙනකු සැකකරුවන් වශයෙන් නම් කර තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka