gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති රටම අන්දලා මුලින්ම තියෙන්නෙ මහ මැතිවරණයක්…දැන් ඒකට වැඩත් පටන් අරන් ඉවරයි - ඩිලාන් පෙරේරා කැට දමා කියයි

රටම ජනාධිපතිවරණයක් සඳහා සූදානම් කරන ආකාරයට හැසිරෙමින් මේ ජනාධිපතිවරයා මුලින් පවත්වන්නේ මහ මැතිවරණයක් බව කැට දමා කියන බවත්  මේ වනවිට පාර්ශව හතරක් එක් වී මහ මැතිවරණය සඳහා සියලුම කටයුතු සූදානම් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන්  පෙරේරා ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හෙළිදරව් කළේය.

ඔහු පවසන්නේ ලැබෙන සියලුම සමීක්ෂණ වාර්තාවලින් රනිල් වික්‍රමසිංහ අන්ත පරාජයකට මුහුණ දෙන බැව් වාර්තා කර ඇති පරිසරයක මහ මැතිවරණයක් තබා අස්ථාවර ආණ්ඩුවක් හැදුණු පසු මන්ත්‍රීවරුන් ඩීල් දමා බා ගනිමින් ජනාධිපතිවරණය සඳහා සූදානම් වීමේ අවස්ථාව ගැනීමට   ජනාධිපතිවරයා තීරණය කර ඇති බවය.

ඔහු මෙසේ ද පැවසුවේය.

මට ලැබී තිබෙන ඉතාම විශ්වාසදායක   ආරංචි මාර්ගවලින් මේ ජනාධිපතිවරයා රටම අන්දලා ජනාධිපතිවරණයට රටේ අවධානය යොමු කළාට මුලින්ම තියන්නේ මහ මැතිවරණයක්.

මට ලැබෙන ඉතාම විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනුව  ඔට්ටු දාලා කියන්නම්… මුලින්ම තියන්නේ පාර්ලිමේන්තු මැතිවරණය.

පාර්ලිමේන්තු මැතිවරණය ජනාධිපතිතුමා තියන්න තීන්දු කරලා හමාරයි. ජනාධිපතිතුමත් ජනාධිපති තුමාගේ ඉතාම විශ්වාසවන්ත පාර්ලිමේන්තුවෙ ඉන්න මන්ත්‍රීවරු දෙපළකුත්,  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුත් කියන මේ හතර ගොල්ල එකතු වෙලා තීරණය ක්‍රියාත්මක කරන්න සූදානම්.

නමුත් රටේ අවධානය ජනාධිපතිවරණයක් කෙරෙහි යොමු කරමින් මුලු රටම අන්දමින් අවසානයේ දී තියන්නේ පාර්ලිමේන්තු මැතිවරණය කියන එක ස්ථිරයි. ඈවරයි. දෑවරයි. තුන් ඈවරයි. මේ කියන ප්‍රකාශයට ඕන ඔට්ටුවක් ගන්නවා මම.

ඒකට ප්‍රධානතම හේතුව තමයි ජනාධිපති තුමා නිල වශයෙන් ඔහුට එන්අයිබී වාර්තාවලින් ලැබෙන තොරතුරු, ජනාධිපතිතුමා ඔහුගේ දේශපාලන උපදේශකයින් හරහා  කරන ලද ජන මත සමීක්ෂණවල තොරතුරු, සහ විවිධ මාධ්‍ය ආයතන සහ සමාජ වෙබ් අඩවි විසින් ලබා ගන්නා විවිධ  ජනමත විමසුම්වලින් ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව අන්ත පරාදයි.

ජනාධිපතිවරණය  අන්ත පරාද වෙනවා නම් කාටත් 113ක් නැති අස්ථාවර පාර්ලිමේන්තුවක් ගොඩනගලා එහෙන් මෙහෙන් ඩීල් දාලා   එතුමා ජනාතාවගේ ඡන්දයෙන් පැරදිලා ජනාධිපති වුනා වගේ විවිධ වරදාන වරප්‍රසාද ටිකක් පොහොට්ටු කටු සූප්පු කරන අයියලා මල්ලිලා මචංලාට දීලා ජනාධිපතිවරණය වෙනකොට  එතනින් එහාට වැඩේ ඇදගන්න පුලුවන් ද කියලා  එතුමා කල්පනා කරනවා. “ ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා පැවසුවේය.   .


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka