පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් එදා ‘තමන් අතින් නොවියුතු දෙයක් සිදු වු බව ” කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි.
අද (17 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදී ප්‍රසන්න රණවීර මහතා මේ බව සඳහන් කලෙය.
සිදුවීමෙන් පසුව, එම පහර කෑමට ලක් වූ ගුවන් තොටුපොළ පෝටර්වරයා තවමත් සේවයට පැමිණ නොමැති අතර ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගත නොහැකි වාතාවරණයක් මතුව ඇත.
ඒ පිළිබඳව අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා ප්‍රකාශ ක්ලේ, “ඒ මනුස්සයා පව්නෙ , ඒ මනුස්සයා රස්සාවට එන්න ඕනෑ , ඇවිත් වැඩ කරන්න එපායැ , නැතිනම් ජීවත් වෙන්න විදියක් නැහැනෙ ” ලෙසය.
කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය මෙම සිදුවීම පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අද(17) උදෑසන අමාත්‍යවරයා වෙත කැඳවීමක් සිදු කර තිබූ අතර ඒ සඳහා උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත පැමිණි අමාත්‍යවරයා පැයකට ආසන්න කාලයක් තුළ ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් අනතුරුව පොලීසියෙන් පිටතට පැමිණ තිබුණි.