gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

අපි බැලුවා ජනාධිපතිතුමා මහන්සි වෙලා මිරිස් වල ටැක්ස් එක අඩුකරේ ඇයි කියලා – වරායෙ කන්ටේනර් 60ක් තියෙනවා මිරිස් හිරවෙලා – 323 ට මේ හැටත් එකතු කරගන්න – නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම රුපියල් 85ක්, ණය ගන්නවා. මේ රටේ පාරක් හදන්න, හයිවේ එකක් හදන්න, ඔය බස් එකක් ගේන්න, බෝක්කුවක් හදන්න, පාසලක් හදන්න ගොඩනැගිල්ලක් හදන්න ඔබතුමන්ලා ණය ගන්නේ නැහැ අපි මේ ඉතුරු කරපු සල්ලි වලින් හදනවා කියලා කයිවාරු ගහන හැම රුපියල් 100කටම ගරු සභාපතිතුමිය, රුපියල් 85ක් ණයට ගන්නවා. තව රුපියල් තුනක් ආධාර වශයෙන් ලැබෙනවා.

අනෝජන් බේරා ගැනීමේ මෙහෙයුමේ මහ මොළකරු විපක්ෂ මන්ත්‍රී ෆයිසර්... අපි මේක කරේ තනිකරම අතේ සල්ලි වලින් චමුදිත...

චමුදිත: සෞදි අරාබියේදී මරණ දඬුවමට නියම වූ අනෝජන් නම් ශ්‍රී ලාංකික තරුණයා බේරා ගැනීම ඇත්තටම සුවිශේෂී ක්‍රියාන්විතයක්. මේ මෙහෙයුම ක්‍රියාත්මක වීම පිටුපස සිටි ප්‍රබලතම ශක්තිය, එහෙමත් නැත්නම් මේ ඔපරේෂන් එකේ සිටි ප්‍රධානතම බලකණුව සමඟයි අපි අද මේ සාකච්ඡාව පවත්වන්නේ. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා.

හිටපු අමාත්‍ය කංචන විජේසේකර දේශපාලනයෙන් ඉවත්වෙයි... හැඟුම්බර ප්‍රකාශයක් නිකුත් කරයි

තමන්ට යළි දේශපාලනයට පිවිසීමේ කිසිදු අදහසක් හෝ උනන්දුවක් නොමැති බව හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඊයේ (14) සිය නිල සමාජ මාධ්‍ය ගිණුමෙහි විශේෂ සටහනක් තබමින් හිටපු අමාත්‍යවරයා මේ බව නිල වශයෙන් සඳහන් කර තිබේ.

ශ‍්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව ඉරානයට ඉරෙහිව ඇමරිකාවට ඔත්තු බලනවා - රවුෆ් හකීම්

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව අමෙරිකා එක්සත් ජනපදයේ ඔත්තු බැලීමේ අවශ්‍යතාවන් වෙනුවෙන් යොදාගනිමින් සිටින බවටත්, කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව ‘හදිසි මිලදී ගැනීමක්’ ලෙස හුවා දක්වමින් ඊශ්‍රායලයෙන් රුපියල් බිලියන හතරක (මිලියන 4,000ක) නියමුවන් රහිත ඩ්‍රෝන යානා මිලදී ගැනීමට ආණ්ඩුව රහසිගතව සැරසෙන බවටත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේදී බරපතළ චෝදනාවක් එල්ල කළේය.

ප‍්‍රභාකරන්ගේ මස්සිනා අවසන් ගමන් යයි

දෙමළ ජාතික දේශපාලන කරළියේ කැපී පෙනෙන මෙන්ම ආන්දෝලනාත්මක හඬක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහලිංගම් කනගලිංගම් හෙවත් එම්.කේ. ශිවාජිලිංගම් මහතා සෙනසුරාදා (14) රාත්‍රියේ අභාවප්‍රාප්ත විය. මියයන විට ඒ මහතා 69 වැනි වියේ පසු විය.

ජවිපෙ කාඩරය නඩත්තු කරන්න අයවැයෙන් අමුතු වංගුවක්...

ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ ක්‍රියාකාරීන් භාවිත කරන රුපියල් ලක්ෂ 250ක් බැගින් වටිනා ඩබල් කැබ් රථ 1,750ක ප්‍රමාණයක් නඩත්තු කර පවත්වාගෙන යාම වෙනුවෙන් රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ සහය ලබාගැනීමේ අරමුණින් ඔවුන් වෙත විශේෂ ප්‍රවාහන දීමනා හා වරප්‍රසාද අල්ලසක් ලෙස ලබා දී ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා බරපතළ චෝදනාවක් එල්ල කරයි.

තලවකැලේ බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටිමෙන් විශාල පිරිසකට තුවාල!

නුවරඒළිය තලවකැලේ නානුඔය වටරවුම් මාර්ගයේ ඩෙස්පෝඩ් ප්‍රදේශයේදි පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් (14) දින උදෑසන 11:00ට පමන සිදු වූ අනතුරකින් 27 දෙනෙකු තුවාල ලබා නුවරඒළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කල බව නානුඔය පොලිසිය පැවසීය.

මට විරුද්ධව සමාජ මාධ්‍යයේ ගිය ඒවා ජනාධිපති දැනුවත්ව වෙන්නේ, ජනාධිපති මිටි මනුස්සයෙක්ය, මිටි අදහස් තියෙන කෙනෙක් කියලා මට තහවුරු වුණා – පාතේගම හිමි

අනුරාධපුරයේ පැවති සත්‍යග්‍රහයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පූජ්‍ය පාතේගම ඥානිස්සර හිමියන් දැඩි විවේචනාත්මක අදහස් පළ කර තිබේ.

“පහුගිය කාලේ මට විරුද්ධව සමාජ මාධ්‍යවල ගියපු කාරණා ගැන, මම අධ්‍යනය කළා. එතකොට මට දැනුණේ මේවායෙ මුල යන්නෙ ජනාධිපති ගාවට. ජනාධිපතිවරයා දැනගෙන තමයි මේවා කරන්නෙ.

ඩොලර් බිලියන 4.8ක ආයෝජන ව්‍යාපෘති රැසක් රට හැර ගිහින්!

වත්මන් රජය සතුව පවතින රාජ්‍ය පාලන අත්දැකීම්වල සහ දේශපාලන දැක්මේ දැඩි ඌනතාවය හේතුවෙන්, හම්බන්තොට ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ ඩොලර් බිලියන 4.8 ක දැවැන්ත චීන තෙල් පිරිපහදු ව්‍යාපෘතිය ඇතුළු ප්‍රමුඛ පෙළේ විදේශ ආයෝජන රැසක් මෙරට අතහැර ගොස් ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.

කථානායකට තවත් විශ්වාස භංගයක්... මෙවර චෝදනා හැටයි!

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව මීට පෙර සකස් කළ විශ්වාසභංග යෝජනාව සංශෝධනය කරමින්, තවත් නව චෝදනා දහයක් ද ඊට එක්කර සම්පූර්ණ චෝදනා හැටකින් (60) සමන්විත නව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂය සූදානම් වේ.

විපක්ෂය අයවැයට පිළිතුරු දෙන හර්ෂගේ පළමු කතාව සජිත් කපාදමලා!

දිගුකාලීන පාර්ලිමේන්තු සම්ප්‍රදායෙන් බැහැර වෙමින්, 2027 අයවැය සඳහා විපක්ෂයේ ආරම්භක පිළිතුරු කතාව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් සිදු නොකළේ ඇයිදැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රශ්න කර තිබේ.

දකුණෙ පාතාලය හෙල්ලූ කංජිපානිටත් තග දැමූ දෙහිබාලේ මල්ලී කොටු වෙයි!

දකුණු පළාතේ ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශෙහාන් සත්සර හෙවත් ‘දෙහිබාලේ මල්ලී’ නැමැත්තා බල්ගේරියාවට නීතිවිරෝධීව ඇතුළු වී එතැනින් යුරෝපා රටකට සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේදී ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බව වාර්තා වේ. 

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු පිරිසට එරෙහි පැමිණිල්ලේ නියෝගයට දින නියම කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු හය දෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති පැමිණිල්ල පිළිබඳ නියෝගය ලබන ජනවාරි (12) වනදා ප්‍රකාශයට පත් කරන බවට අභියාචනාධිකරණය ඊයේ (13) නියෝග කළේය.

සාමකාමී භික්ෂුන්ට පහර දුන්නේ පැලවත්තේ වඩුග හමුදාව… කොස්තාපල් පුඤ්ඤසෝමගේ වඩුග පොලිසිය බකංනිලා හිටියා…! – විමල් වීරවංශ…

අනුරාධපුර රුවන්වැලි සෑ පුදබිමේ සාමකාමී සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේ ඇතුළු බෞද්ධයන්ට පහර දුන්නේ චීවරධාරියා සමග පැමිණි පැලවත්තේ වඩුග හමුදාව බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

අයවැය අපට අනුකූලදැයි තදින් බලනවා..- IMF

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද නව අයවැය යෝජනා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ එකඟ වී ඇති මූල්‍ය පරාමිතීන්ට අනුකූල ද යන්න පිළිබඳව මේ වන විට පුළුල් සමාලෝචනයක් සිදු කරමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කරයි.

ඔලිම්පික් රන් පදක්කමක් දින්නොත් මිලියන 100ක් දෙනවලු.. 2027 ඔලිම්පික් තියා ආසියානු ක්‍රීඩා උළෙලක්වත් නෑ..

ඔලිම්පික් ක්‍ර්ඩා උළෙලක් හෝ ආසියානු ක්‍රීඩා උළෙලක් 2027 වසරේදී නොපැවැත්වෙන පසුබිමක එම ක්‍රීඩා උළෙලකදී ජයග්‍රහණය කරන ක්‍රීඩකයින්ට රුපියල් මිලියන 100, මිලියන 50 යනාදී වශයෙන් අයවැයෙන් ඇගයීම් දීමනා ලබාදෙන බව අයවැයෙන් ප්‍රකාශ කිරීම ජනතාව ගොනාට ඇන්දවීමක් බව සමගි ජන බලවේගයේ ගම්පහ සංවිධායක වරුණ රාජපක්ෂ මහතා පවසයි.

‘ජෙන් Z’ එකට මේ අයවැයෙන් සහනයක් නෑ – එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වජිර අයවැය ගැන කට අරී!

රජයේ 2027 අයවැය මගින් රටේ පවතින දැවෙන ආර්ථික අභියෝගවලට විසඳුම් ලබාදීමට හෝ මහජනතාවට අර්ථවත් සහනයක් සැලසීමට අපොහොසත් වී ඇති බව පවසමින් එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන එය විවේචනය කර තිබේ.

IMF ප්‍රධානියා සිපගැනීමට වඩා කාවන්තිස්ස ඇතා සිපගැනීම වටින බව සජිත් කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රධානියා සිපගැනීමට වඩා මියගිය කවාන්තිස්ස ඇතා සිපගැනීම වඩාත් වටිනා ක්‍රියාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ රජය පවත්වාගෙන යන සබඳතා සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් ඔහු මෙම අදහස් පළ කළේය.

ඉරානය ඇමරිකා කදවුරුවලට පහර දෙයි!

බහරේනයේ ස්ථාපිත කර තිබූ එක්සත් ජනපද හමුදාවට අයත් පූර්ව අනතුරු ඇඟවීමේ රේඩාර් මධ්‍යස්ථානයක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර එය මුළුමනින්ම විනාශ කළ බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කළ බව ඉරාන රාජ්‍ය පුවත් ඒජන්සිය වන IRNA වාර්තා කරයි.

කොළඹ ගංවතුරෙන් යටවීම ගැන බොරු වීඩියෝ හදපු අයට නඩු දානවා - බල්තසාර්

AI තාක්ෂණය අවභාවිත කරමින් කොළඹ නගරය ආශ්‍රිතව ව්‍යාජ ගංවතුර තත්ත්වයන් මවාපාන වීඩියෝ නිර්මාණය කර සමාජගත කළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මෙනෙවිය ප්‍රකාශ කළාය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka