මට විරුද්ධව සමාජ මාධ්‍යයේ ගිය ඒවා ජනාධිපති දැනුවත්ව වෙන්නේ, ජනාධිපති මිටි මනුස්සයෙක්ය, මිටි අදහස් තියෙන කෙනෙක් කියලා මට තහවුරු වුණා – පාතේගම හිමි
අනුරාධපුරයේ පැවති සත්‍යග්‍රහයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පූජ්‍ය පාතේගම ඥානිස්සර හිමියන් දැඩි විවේචනාත්මක අදහස් පළ කර තිබේ.
“පහුගිය කාලේ මට විරුද්ධව සමාජ මාධ්‍යවල ගියපු කාරණා ගැන, මම අධ්‍යනය කළා. එතකොට මට දැනුණේ මේවායෙ මුල යන්නෙ ජනාධිපති ගාවට. ජනාධිපතිවරයා දැනගෙන තමයි මේවා කරන්නෙ.
ජනාධිපතිවරයා මිටි මනුස්සයෙක්ය.. මිටි අදහස් තියෙන කෙනෙක්ය.. කියලා කියන එක මට තහවුරු වුණා,” යැයි උන්වහන්සේ පැවසීය.
මීට අමතරව, “මේ ප්‍රහාරයේදී අපි හොඳට දැක්කා මාලිමා ආණ්ඩුවේ බෞද්ධ විරෝධය. අද අර හොර භික්ෂුව (රාජාංගනේ) සේනාවක් අරන් එද්දී පොලිසිය බලන් හිටියා. එදා වාද කරගත්ත මිනිහා අත්අඩංගුවට ගත්තා, අනිත් මිනිහා නෑ,” යැයි ද උන්වහන්සේ චෝදනා කළේය.
මේ පුවත තව අයට බලන්න
මට විරුද්ධව සමාජ මාධ්‍යයේ ගිය ඒවා ජනාධිපති දැනුවත්ව වෙන්නේ, ජනාධිපති මිටි මනුස්සයෙක්ය, මිටි අදහස් තියෙන කෙනෙක් කියලා මට තහවුරු වුණා – පාතේගම හිමි
2026-11-14T11:35:00+05:30
Gossip Lanka Hot News





