gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

කථානායකට තවත් විශ්වාස භංගයක්... මෙවර චෝදනා හැටයි!

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව මීට පෙර සකස් කළ විශ්වාසභංග යෝජනාව සංශෝධනය කරමින්, තවත් නව චෝදනා දහයක් ද ඊට එක්කර සම්පූර්ණ චෝදනා හැටකින් (60) සමන්විත නව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂය සූදානම් වේ.

දැනට පැවැත්වෙන අයවැය විවාදය නිමාවීමෙන් පසු එළැඹෙන ජනවාරි මාසයේදී මෙම නව යෝජනාව පාර්ලිමේන්තුවට නිල වශයෙන් භාරදීමට විපක්ෂය අපේක්ෂා කරයි.

මීට ඉහතදී කථානායකවරයාට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම ආණ්ඩු පක්ෂය විසින් ප්‍රතික්ෂේප කර තිබිණි. 

ඊට හේතු දක්වමින් ආණ්ඩු පක්ෂය පෙන්වා දී තිබුණේ, අධිකරණයේ විභාග වන නඩු කටයුතුවලට බලපෑම් සිදුවිය හැකි කරුණු කිහිපයක් අදාළ යෝජනාවට ඇතුළත්ව ඇති බවයි. 

කෙසේ වෙතත්, එවැනි අධිකරණ කටයුතුවලට අදාළ වන හෝ නෛතික ගැටලු මතු වන කිසිදු කරුණක් එහි අන්තර්ගත නොවන බව පවසන විපක්ෂය, ආණ්ඩු පක්ෂයේ එම තර්කය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka