අයවැය අපට අනුකූලදැයි තදින් බලනවා..- IMF
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද නව අයවැය යෝජනා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ එකඟ වී ඇති මූල්‍ය පරාමිතීන්ට අනුකූල ද යන්න පිළිබඳව මේ වන විට පුළුල් සමාලෝචනයක් සිදු කරමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කරයි.
එම සමාලෝචන කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව, සිය නිරීක්ෂණ හා නිල තක්සේරුව ඇතුළත් කාර්ය මණ්ඩල වාර්තාවක් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ද එම අරමුදල සඳහන් කරයි.
මෙම සමස්ත සමාලෝචන ක්‍රියාවලිය මෙරට මූල්‍ය වර්ෂයේ අගභාගය වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
අයවැය අපට අනුකූලදැයි තදින් බලනවා..- IMF
2026-11-13T23:45:00+05:30
Gossip Lanka Hot News





