gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

කෙහෙළිය ඇතුළු හතරදෙනෙකුට රට යාම තහනම්! ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැඩි තීරණයක්!

ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීමේ සිද්ධියට අදාළව අධිකරණය නියම කළ වන්දි මුදල් සම්පූර්ණයෙන් ගෙවා අවසන් නොකළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වගඋත්තරකරුවන් සිව්දෙනෙකු බැඳුම්කර මත මුදා හැරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. එමෙන්ම, ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

‘චෙම්මනි’ සොහොන් බිමක් කී රාජ් සෝමදේවගේ වාර්තාවට විරෝධය... පිලිගන්නෙපා කියා උසාවි යයි

යාපනය චෙම්මනි ‘සිත්තුපත්ති’ සුසාන භූමියේ සිදුකරන ලද කැණීම්වලදී හමුවූ මිනිස් ඇටසැකිලි 584ක් සහ පුරාවස්තු 170කට අධික ප්‍රමාණය පදනම් කරගනිමින්, අදාළ ස්ථානය සමූහ මිනීවලක් නොව විධිමත්ව පවත්වාගෙන ගිය සාමාන්‍ය සුසාන භූමියක් විය හැකි බවට විශේෂඥ පුරාවිද්‍යා කණ්ඩායමක් විසින් අධිකරණය හමුවේ අතුරු වාර්තාවක් ඉදිරිපත් කර ඇතැයි ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.

ශ්‍රී ලංකාවට GSP+ අහිමි වීමේ අවදානමක්! - ලෝක බැංකු වර්ගීකරණය සහ නව රෙගුලාසි තීරණාත්මකයි

ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව අඛණ්ඩව වසර තුනක කාලයක් ‘ඉහළ මැදි ආදායම් ලබන රටක්’ ලෙස වර්ගීකරණය කරනු ලැබුවහොත්, නව ක්‍රමවේදය යටතේ නැවත අයදුම් කළද 2030 වසරේදී මෙරටට හිමි ජී.එස්.පී. ප්ලස් (GSP+) තීරුබදු සහනය අහිමි වීමේ බරපතළ අවදානමක් පවතින බව තානාපති ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘දිවයින’ පුවත්පත වාර්තා කරයි.

"විපක්ෂය විශාල කුමන්ත්‍රණයක් අටවගෙන යනවා... හැබැයි ජනතා ප්‍රතිචාරයක් නෑ!" - වාසුදේව නානායක්කාර

මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඩ පවත්වමින් ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙළ ඉතාම ප්‍රශංසනීය බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කියා සිටිනවා.

මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ විපක්ෂය සිය දේශපාලන පැවැත්ම උදෙසා එල්ල කරන කිසිඳු පදනමක් නොමැති චෝදනා ජනතාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවයි.

උණ නිසා උපාසිකාවක් සාලුවක් පූජා කරා... සරත් මහත්තයා ලෙඩා බලන්න ආවා... කින්ස්බරි හෝටලේ අයිතිකාරයා එක්ක මම ඉතුරු ටික බලාගන්නම් - කස්සප හිමි

අසනීප තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් තමන් කොළඹ කිංග්ස්බරි හෝටලයට වැඩම කළ බව බලංගොඩ කස්සප හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (25) විහාරමහාදේවී උද්‍යානයේ පැවති සත්‍යග්‍රහය අවසන් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

හෝමාගම පොලිස් සිරමැදිරියේ සැකකරු පහරදී මැරුවද? පහරදී මැරූ බවට ඥාතීන්ගෙන් චෝදනා!

මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවෙකු රෝහල්ගත කිරීමේදී මියයාමේ ඛේදනීය සිදුවීමක් වාර්තා වේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි දෙදරු පියෙකු වන ඉෂාර හර්ෂ කුමාර නැමැති අයෙකි.

ත්‍රෛයිනිකායික මහනා හිමිවරුන් සිදුකළ දැනුම් දීම මත විහාරමහදේවියේ සත්‍යාග‍්‍රහය තාවකාලිකව අත්හිටුවයි..

බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් මැදිහත් වන බවට දැනුම් දී ඇති බැවින්, කොළඹ විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ දින ගණනාවක් පුරා අඛණ්ඩව

කලින් IMF විවේචනය කලත් ආණ්ඩුව ගත් පසු IMF සමගම ගියේ විකල්පයක් නොතිබූ නිසයි..- අගමැතිනි හරිනි CNN වෙත

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්බන්ධයෙන් මීට පෙර සිය පක්ෂය විවේචනාත්මක ස්ථාවරයක පසුවුවද, ආණ්ඩුව භාරගැනීමෙන් අනතුරුව එම වැඩසටහන සමඟම ඉදිරියට යාමට සිදුවූයේ රට හමුවේ වෙනත් විකල්පයක් නොතිබූ බැවින් යැයි අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.

ගොවි පවුල් 1,000ක් සේවකයෝ 4,000ක් අර්බුදයක; සිලෝන් ග්‍රීන් ලයිෆ් ජනපති ළඟට

ceylon green life plantation
කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව බැංකු ගිණුම් අත්හිටුවීම හේතුවෙන් ගොවි පවුල් 1,000කට අධික සංඛ්‍යාවක් සහ සේවකයන් 4,000කට අධික පිරිසක් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව පවසමින් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් පෞද්ගලික සමාගම ජනාධිපතිවරයාගෙන් සහනයක් ඉල්ලා තිබේ.

“මුදල් දීලා කටඋත්තර ගන්න හැදුවා” - කාවන්තිස්ස හස්තියාගේ සිද්ධිය ගැන ගම්වාසීන්ගෙන් චෝදනාවක්!

කාවන්තිස්ස හස්තියාගේ මරණය හෝ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කර නොමැති පසුබිමක, හුනුගල්ලෑව ගම්වාසීන්ට අසාධාරණ ලෙස බලපෑම් කරමින් එම වරද ඔවුන් මත පැටවීමට උත්සාහ කරන බවට ගම්වාසීහු චෝදනා කරති.

විහාරමහාදේවියේ විරෝධතාකරුවන්ට අධිකරණයට අපහාස කිරීමේ නඩු පැවරීමට තීරණය කරයි

විහාරමහාදේවී උද්‍යාන පරිශ්‍රයේ රැදී සිටින බලංගොඩ කස්සප හිමි ඇතුළු විරෝධතාකරුවන් විසිරුවා හැරීම සදහා වන නව නියෝගයක් හෙට දිනයේ දී ලබා ගැනීමට පොලිසිය අපේක්ෂා කරන බව වාර්තා වේ. විරෝධතාවයට එක්ව සිටින පුද්ගලයන්ගේ නාම ලේඛනයක් අධිකරණයට ඉදිරිපත් කරමින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු ලබා ගැනීමටද පොලිසිය කටයුතු කිරීමට නියමිතය.

රියාද් ගුවන් තොටුපළ යළි විවෘත කිරීමට සැරසෙද්දී සෞදි අගනුවර විශාල පිපිරුම්!

සති දෙකක කාලයක් වසා දමා තිබූ රියාද් ජාත්‍යන්තර ගුවන් තොටුපළ යළි විවෘත කිරීමට නියමිතව තිබියදී, සෞදි අරාබියේ අගනුවර පුරා අද (25) ප්‍රබල පිපිරුම් හඬ රැසක් වාර්තා වී ඇත. යේමනයේ ඉරාන සහාය ලබන හූති කැරලිකරුවන් විසින් එල්ල කරන ලද දැවැන්ත බැලස්ටික් මිසයිලයක් සහ ඩ්‍රෝන යානා දෙකක් සෞදි ගුවන් ආරක්ෂක පද්ධති මඟින් සාර්ථකව විනාශ කළ බව සෞදි ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා සන්ධානය නිවේදනය කළේය. 

ලක් රජයේ PHP වෙබ් අඩවි වල අනතුරු ඇගවේ!

රාජ්‍ය ආයතන සතු වෙබ් අඩවි සහ වෙබ් යෙදුම් (Web applications) සංවර්ධනය කිරීම සඳහා බහුලව භාවිත කරනු ලබන PHP පරිගණක භාෂා මෘදුකාංගයේ තීරණාත්මක ආරක්ෂක දුර්වලතා කිහිපයක් හඳුනාගෙන ඇති බවත්, ඒ පිළිබඳ වහාම අවධානය යොමු කර පිළියම් යොදන ලෙසත් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සියලුම රාජ්‍ය ආයතන වෙත දැනුම් දී තිබේ.

දේවානිට උසස්විමක්... පළාත් දෙකක දෙවැනියා ලෙස පත් කරයි

ශ්‍රී ලංකාවේ පරිසර හා වන සම්පත් සංරක්ෂණ ක්ෂේත්‍රය තුළ කථාබහකට සහ අවධානයට ලක්වූ නිලධාරිනියක වන දේවානී ජයතිලක මහත්මිය උසස්වීම් ලබා, උතුරු මැද සහ නැගෙනහිර පළාත් ආවරණය වන පරිදි නව නියෝජ්‍ය වන සංරක්ෂකවරිය ලෙස පත් කර තිබේ.

ශ‍්‍රී ලන්කන්ට සයිබර් ප‍්‍රහාරයක්... 'CarrierConnect' ජාලයෙනුත් විසන්ධි කරලා!

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පරිගණක හා ඊමේල් පද්ධති ඉලක්ක කර ගනිමින් සිදුවූ බව කියන සයිබර් ආරක්ෂණ උල්ලංඝනයක් සහ ඒ පිළිබඳව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙත වහාම දැනුම් නොදීම සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ දෙකක් ක්‍රියාත්මක වන බව වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කළ බව ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.

“නාමල් ඇතුළු සැකකරුවන් රිමාන්ඩ් නිසා සාක්ෂිකරුවන් බය නැතුව ප්‍රකාශ දෙනවා” – අල්ලස් කොමිසම කියයි

පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ ඇතුළු ප්‍රධාන සැක­ක­රු­වන් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ග­තව සිටින නිසා සාක්ෂි­ක­රු­වන් බිය­කින් තොරව, දීර්ඝ ප්‍රකාශ දෙමින් සිටින බව අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­ෂන් සභාව අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය. ආන්දෝ­ල­නා­ත්මක ක්‍රිෂ් ගනු­දෙ­නු­වට අදා­ළව අල්ලස් කොමි­සම විසින් කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ පවරා ඇති නඩු­වේදී සිකු­රාදා (23) මේ බව සඳ­හන් කෙරිණි.

සුව වීමේ හැකියාව සීමිත රෝගීන්ගේ වේදනාව අවම කර ඔවුන්ට මානසික සැනසීම, ආරක්ෂාව, ගෞරවය ලබාදෙනවා - ඇමති නලින්ද

රෝගයක් හමුවේ ජීවිතයේ අසීරුතම කාල පරිච්ඡේදයට මුහුණ දෙන මිනිසුන්ට වේදනාව අවම කරගනිමින්, මානසික සැනසීමෙන් හා ආදරණීය රැකවරණය මධ්‍යයේ ගෞරවාන්විතව ජීවිතය ගත කිරීමට අවශ්‍ය පරිසරය සලසා දීමේ උතුම් මානුෂීය අරමුණින් උතුරු පළාතේ, යාපනය දිස්ත්‍රික්කයේ චාවකච්චේරි, සරසාලෙයි ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද ‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් (24) විවෘත කෙරිණි.

ජාත්‍යන්තර රතු වරෙන්තුව නිසා බැසිල් රාජපක්ෂට ඇමරිකාවෙන් එළියට යෑමට නොහැකිව හිර වෙයි!

වරෙන්තුකරුවෙකු වූ බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට කඩිනමින් ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර මට්ටමෙන් ගත යුතු ක්‍රියාමාර්ග දැනටමත් සිදුකරගෙන යන බව රජයේ ආරංචි මාර්ග පැවසීය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka