“නාමල් ඇතුළු සැකකරුවන් රිමාන්ඩ් නිසා සාක්ෂිකරුවන් බය නැතුව ප්රකාශ දෙනවා” – අල්ලස් කොමිසම කියයි
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ඇතුළු ප්රධාන සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින නිසා සාක්ෂිකරුවන් බියකින් තොරව, දීර්ඝ ප්රකාශ දෙමින් සිටින බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දැනුම් දුන්නේය. ආන්දෝලනාත්මක ක්රිෂ් ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම විසින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ පවරා ඇති නඩුවේදී සිකුරාදා (23) මේ බව සඳහන් කෙරිණි.
මේ නඩුවට අදාළ ව චෝදනා එල්ල වී ඇති ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ සහ ක්රිෂ් සමාගමේ හිටපු අධ්යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටිති. පසුගිය නඩු වාරයේ නාමල් රාජපක්ෂ වෙනුවෙන් සිදු කළ ඇප ඉල්ලීම සම්බන්ධ නියෝගය කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම සිකුරාදා ප්රකාශයට පත් කළ අතර, ඇප අයැදුමේ ඉදිරිපත් කර ඇති කරුණු අධිකරණයට පිළිගත නොහැකි නිසා ඇප ඉල්ලීම ප්රතික්ෂේප කරන බවද සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් කොමිසම සඳහන් කළේ මේ සිදුවීමට සම්බන්ධ තවත් සැකකාරියක පිළිබඳ කරුණු අනාවරණය කරගෙන ඇති බවයි.
ක්රිෂ් ට්රාන්ස්වර්ක් ප්රයිවට් ලිමිටඩ් ආයතනයේ අධ්යක්ෂවරියක ලෙස ඇයද කටයුතු කර තිබේ. බැංකු වාර්තා මඟින් අනාවරණය වී ඇති ආකාරයට රු. මිලියන 70ක ගනුදෙනුවට ඇය ඍජුවම මැදිහත් වී තිබේ.
මෙහිදී වැඩිදුරටත් අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් කොමිසම සඳහන් කළේ ක්රිෂ් සමාගමේ සේවය කළ සේවකයන් මීට පෙර ප්රකාශ නොකළ කරුණු ප්රකාශ කිරීමට කැමැත්ත දක්වා තිබෙන බවයි. මූලික වශයෙන් සාක්ෂිකරුවන් දෙදෙනකු මීට පෙර වැදගත් කරුණු ඉදිරිපත් නොකළත්, මේ වන විට සැකකරුවන් බන්ධනාගාරගතව සිටින නිසා දීර්ඝ ප්රකාශයක් ලබා දී ඇති බවයි. ඔවුන් ලේඛන කිහිපයක් ද ඉදිරිපත් කර ඇති බව මෙහිදී සඳහන් කෙරිණි.
මෙහිදී සැකකාර නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි පැවසුවේ මේ විමර්ශන අවසන් කරන්නේ කවදාද, මේක දේශපාලන අවශ්යතාවක් යනුවෙනි.(සිළුමිණ)
මේ පුවත තව අයට බලන්න
“නාමල් ඇතුළු සැකකරුවන් රිමාන්ඩ් නිසා සාක්ෂිකරුවන් බය නැතුව ප්රකාශ දෙනවා” – අල්ලස් කොමිසම කියයි
2026-10-25T08:57:00+05:30
Gossip Lanka Hot News





