gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ගොවි පවුල් 1,000ක් සේවකයෝ 4,000ක් අර්බුදයක; සිලෝන් ග්‍රීන් ලයිෆ් ජනපති ළඟට

ceylon green life plantation
කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව බැංකු ගිණුම් අත්හිටුවීම හේතුවෙන් ගොවි පවුල් 1,000කට අධික සංඛ්‍යාවක් සහ සේවකයන් 4,000කට අධික පිරිසක් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව පවසමින් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් පෞද්ගලික සමාගම ජනාධිපතිවරයාගෙන් සහනයක් ඉල්ලා තිබේ.
සමාගම නිකුත් කළ ලිපියේ දැක්වෙන පරිදි, මේ වන විට අක්කර 1,800කට අධික භූමි ප්‍රමාණයක වගා කටයුතු සිදුකරන අතර, දිවයිනේ විවිධ ප්‍රදේශවල වර්ග අඩි ලක්ෂ පහකට ආසන්න පොලිටනල් හරිතාගාර පහසුකම් ද පවත්වාගෙන යයි.

එමෙන්ම, දේශීය කෘෂි නිෂ්පාදන මැලේසියාව සහ චීනය වැනි රටවලට අපනයනය කරමින් විදේශ විනිමය උපයා ඇති බව ද සමාගම පවසයි.

කෙසේ වෙතත්, 2026 අගෝස්තු 14 වැනිදා සිය බැංකු ගිණුම් අත්හිටුවීම හේතුවෙන් අස්වැන්න නෙළීම, ගොවීන්ට ගෙවීම් කිරීම සහ සේවක වැටුප් ගෙවීම ඇතුළු කටයුතු පවත්වාගෙන යාමට නොහැකි වී ඇති බව එම ලිපියේ සඳහන් වේ.

ගොවීන්ගෙන් දෛනිකව එළවළු සහ පලතුරු මිලදී ගැනීම, සැපයුම්කරුවන්ට ගෙවීම් කිරීම මෙන්ම නුවර සහ අලව්ව ප්‍රදේශවල ඉදිකෙරෙමින් පවතින කර්මාන්තශාලාවල වැඩකටයුතු ද ඇනහිට ඇති බව සමාගම වැඩිදුරටත් පෙන්වා දෙයි.

තමන් කිසිදු මූල්‍ය වංචාවක් හෝ මහජන තැන්පතු ලබාගැනීමක් සිදුකර නොමැති බව සාක්ෂි සහිතව ඔප්පු කිරීමට සූදානම් බව පවසන සමාගම, පවතින අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ද ඉල්ලා තිබේ.

මෙම කරුණු සමාගම විසින් ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් කරුණු වන අතර, බැංකු ගිණුම් අත්හිටුවීමට හේතුව හෝ අදාළ විමර්ශන සම්බන්ධයෙන් බලධාරීන්ගේ ප්‍රතිචාරයක් මෙහි සඳහන් කර නොමැත.

ඒ සම්බන්ධයෙන් මානුෂීය පදනමින් මැදිහත් වී සහනයක් ලබාදෙන ලෙස ඉල්ලා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ජනාධිපති ලේකම්වරයා වෙත විශේෂ ලිපියක් යොමු කර ඇත.

එම ලිපියෙන් සමාගම පෙන්වා දෙන්නේ තමන් සැබෑ කෘෂිකාර්මික ව්‍යාපෘතියක් පවත්වාගෙන යන ආයතනයක් මිස මහජන තැන්පතු භාරගන්නා මූල්‍ය ආයතනයක් නොවන බවයි. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු අදාළ පාර්ශ්ව දැනුවත් කර ඇති බවත්, විමර්ශන සඳහා අවශ්‍ය ලේඛන සහ සහයෝගය ලබාදී ඇති බවත් සමාගම සඳහන් කරයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka