gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

දේවානිට උසස්විමක්... පළාත් දෙකක දෙවැනියා ලෙස පත් කරයි

ශ්‍රී ලංකාවේ පරිසර හා වන සම්පත් සංරක්ෂණ ක්ෂේත්‍රය තුළ කථාබහකට සහ අවධානයට ලක්වූ නිලධාරිනියක වන දේවානී ජයතිලක මහත්මිය උසස්වීම් ලබා, උතුරු මැද සහ නැගෙනහිර පළාත් ආවරණය වන පරිදි නව නියෝජ්‍ය වන සංරක්ෂකවරිය ලෙස පත් කර තිබේ.

ඒ අනුව, ඇය 26 වැනි සඳුදා දින සිට එම නව ධුරයේ නිල වශයෙන් රාජකාරි ආරම්භ කිරීමට නියමිතය.

ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස කටයුතු කළ සමයේදී, නීතිවිරෝධී ඉදිකිරීම් සහ පරිසර හානි වැළැක්වීම සඳහා දේශපාලන අධිකාරිය හමුවේ නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම හේතුවෙන් ඇය මෙරට මහජනතාව අතර ප්‍රසිද්දියට පත්විය. 

විශේෂයෙන්ම කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීම සහ අතිශය දුර්ලභ ‘කෲඩියා සෙලනිකා’  ශාකය රැකගැනීම වෙනුවෙන් ඇය ගෙනගිය සටන දැඩි කතාබහට ලක්විණි.

මීට පෙර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවා උසස්වීම් සහ ස්ථාන මාරුවීම්වලදී ජ්‍යෙෂ්ඨත්වය නොසලකා හරිමින් තමන්ට අසාධාරණයක් සිදුව ඇති බවට දේවානී ජයතිලක මහත්මිය ප්‍රසිද්ධියේ කරුණු පෙන්වා දී තිබූ පසුබිමක, මෙම නව උසස්වීම ලැබීම විශේෂත්වයකි. 
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka