gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

කෙහෙළිය ඇතුළු හතරදෙනෙකුට රට යාම තහනම්! ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැඩි තීරණයක්!

ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීමේ සිද්ධියට අදාළව අධිකරණය නියම කළ වන්දි මුදල් සම්පූර්ණයෙන් ගෙවා අවසන් නොකළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වගඋත්තරකරුවන් සිව්දෙනෙකු බැඳුම්කර මත මුදා හැරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. එමෙන්ම, ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීමේ ක්‍රියාවලිය හරහා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පස්දෙනෙකුට වන්දි ගෙවන ලෙස ඉකුත් මාර්තු මාසයේදී නියම කර තිබුණි.

එහිදී කෙහෙළිය රඹුක්වැල්ල මහතාට රුපියල් මිලියන 75ක වන්දි මුදලක් ගෙවන ලෙස නියම කර තිබූ අතර, ඉන් රුපියල් මිලියන 20ක් ගෙවා ඇති බව ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී තිබේ.

අදාළ වන්දි මුදල් නියමිත පරිදි නොගෙවීම තුළින් කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වගඋත්තරකරුවන් අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා කරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය ගොනු කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දී ඇත.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka