gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

‘චෙම්මනි’ සොහොන් බිමක් කී රාජ් සෝමදේවගේ වාර්තාවට විරෝධය... පිලිගන්නෙපා කියා උසාවි යයි

යාපනය චෙම්මනි ‘සිත්තුපත්ති’ සුසාන භූමියේ සිදුකරන ලද කැණීම්වලදී හමුවූ මිනිස් ඇටසැකිලි 584ක් සහ පුරාවස්තු 170කට අධික ප්‍රමාණය පදනම් කරගනිමින්, අදාළ ස්ථානය සමූහ මිනීවලක් නොව විධිමත්ව පවත්වාගෙන ගිය සාමාන්‍ය සුසාන භූමියක් විය හැකි බවට විශේෂඥ පුරාවිද්‍යා කණ්ඩායමක් විසින් අධිකරණය හමුවේ අතුරු වාර්තාවක් ඉදිරිපත් කර ඇතැයි ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.

කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව සහ අනුප වන්නිනායක යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් යුත් පුරාවිද්‍යා කණ්ඩායම විසින් දින 80කට අධික කාලයක් පුරා සිදුකරන ලද කැණීම් හා පර්යේෂණවලින් අනතුරුව සකස් කළ තුන්වැනි අතුරු වාර්තාව පසුගියදා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත මෙලෙස ඉදිරිපත් කර තිබේ.

යම් වසංගත රෝගයක් හෝ ස්වාභාවික ව්‍යසනයක් හේතුවෙන් හදිසියේ විශාල පිරිසක් මියගියේ නම්, කඩිනමින් මෘත දේහ මිහිදන් කිරීමේදී මෙවැනි පොදු මිහිදන් කිරීම් තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව එම වාර්තාව මගින් පෙන්වා දී ඇත.

කෙසේ වෙතත්, මෙම අතුරු වාර්තාව මගින් දක්වා ඇති නිරීක්ෂණ, අර්ථ නිරූපණ සහ නිගමනයන් දැඩි ලෙස ප්‍රශ්න කරමින්, කැණීම් සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්ව නියෝජනය කරන අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර ඇතැයිද පුවත්පත සඳහන් කරයි. 

ඉදිරිපත්ව ඇති විරෝධතා සහ සාක්ෂි සැලකිල්ලට ගනිමින්, මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු කණ්ඩායම ඉදිරිපත් කළ මෙම වාර්තාවේ කරුණු අවසන් නිගමනය ලෙස භාර නොගන්නා ලෙස එම ඥාතීන් අධිකරණයෙන් ඉල්ලා තිබේ
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka