නැගෙනහිර පළාතේ ළඟදීම ඡන්දයක් - මාර්තු 15ට කළින් බව මැකො කියයි
කල්මුණේ මහනගර සභාවේ සහ සයින්දමරුදු නගර සභාවේ සීමානිර්ණ කටයුතු අවසන් වූ පසු ඡන්ද විමසීමට අදාළ ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම පළාත් පාලන ආයතන දෙකෙහි සීමානිර්ණ කටයුතු මෙතෙක් අවසන් වී නොමැති බව ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක ‘දිනමිණ’ට ප්‍රකාශ කර ඇත.
රටගිය දොස්තරලාගෙන් රජයට කෝටි 115ක පොල්ලක්!
රජය සමග අත්සන් කළ ගිවිසුම් කඩකරමින් විදෙස් ගත වූ විශේෂඥ වෛද්‍යවරු ඇතුළු වෛද්‍ය නිලධාරීන් 705ක් රජයට ගෙවිය යුතු රුපියල් කෝටි 115ක මුදලක් (මිලියන 1,156) නොගෙවා පැහැර හැර ඇතැයි 2025 වසරේ කෙරුණු ජාතික විගණනයේදී හෙළි වී තිබේ. 2025 සැප්තැම්බර් 29 දින වන විට සේවය හැර ගිය වෛද්‍යවරුන් විසින් මෙම මුදල් ගෙවීම පැහැර හැර ඇත.
පොලිස් ලොක්කෙක් ණයට ගත් සල්ලි ඉල්ලුවැයි කපා, කොටා කනත්තක් අසල දමා ගිහින්..- ව්‍යාපාරිකයෙකුගෙන් පැමිණිල්ලක්
සිය හිතවතකුට රු. ලක්ෂ එකසිය හතළිහක මුදලක් අරන් දී එය ඉල්ලා සිටීම මත තමා ඝාතනය කිරීමට සැලසුම් කළ පානදුර කොට්ඨාසයේ පොලිසියක ස්ථානාධිපතිවරයකු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට පානදුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් පොලිස් මූලස්ථානයට සහ ශ්‍රීලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි කර තිබේ.
නාමල් හිරකලොත් ලිමිණි දේශපාලනයට... ආසන 200ක් අරන් බලය ගන්නෙ - අර්චුනා
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වරදක් කර ඇත්නම් ඔහුට දඬුවම් ලබාදීම පිළිබඳව විරෝධයක් නොමැති වුවද, ඔහුව දේශපාලන පළිගැනීමක් ලෙස සිරගත කිරීමට උත්සාහ කළහොත් ඔහුගේ බිරිඳ දේශපාලනයට පිවිස ඉදිරියේදී ආණ්ඩු බලය ලබාගැනීමේ අවදානමක් පවතින බව ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා ප්‍රකාශ කළේය.
























