gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ජෙරම්ගේ වෙන්න මස්සිනා, Uebert Angelට එල්ල වූ චෝදනා ඔහුගේ පල්ලියෙනුත් ප්‍රතික්ෂේප කර නැහැ!

සිම්බාබ්වේ දේවගැති යූබර්ට් ඒන්ජල් (Uebert Angel) අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔහු විසින් ආරම්භ කරන ලද Spirit Embassy හෙවත් Good News Church පල්ලිය නිල නිවේදනයක් නිකුත් කර තිබේ.

2026 නොවැම්බර් 23 වැනිදා නිකුත් කර ඇති මෙම නිවේදනයෙන් යූබර්ට් ඒන්ජල්ට එල්ල වී ඇති ලිංගික අතවර සහ සොඩොමි (Sodomy) චෝදනා පල්ලිය විසින් ප්‍රතික්ෂේප කර නොමැති අතර, ඒ වෙනුවට අදාළ චෝදනා බරපතළ ලෙස සලකන බවත් නීතිමය ක්‍රියාවලියට ඉඩ ලබාදිය යුතු බවත් අවධාරණය කර තිබේ.

EEW Magazine වෙබ් අඩවිය නොවැම්බර් 23 වැනිදා පළ කළ වාර්තාවක ද මේ බව පැහැදිලිව සඳහන් කර ඇත. එම වාර්තාවට අනුව, පල්ලියේ නිවේදනයෙන් චෝදනාවල අන්තර්ගතය ප්‍රතික්ෂේප කිරීමක් හෝ ඒවාට සෘජු පිළිතුරක් ලබාදීමක් සිදුකර නොමැත.

පල්ලිය සිය නිවේදනයේ සඳහන් කර ඇත්තේ යූබර්ට් ඒන්ජල් නීතියට ගරු කරන පුද්ගලයකු බවත්, බලධාරීන් සමඟ පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන බවත්ය.

එමෙන්ම ඔහුට එල්ල වී ඇති චෝදනාවලට අදාළ නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ඔස්සේ පිළිතුරු ලබාදීමට සූදානම් බව ද පල්ලිය ප්‍රකාශ කර තිබේ.

“අපි මෙම චෝදනා බරපතළ ලෙස සලකන අතර, නීතිමය ක්‍රියාවලියේ වැදගත්කම පිළිබඳව විශ්වාසය තබමු” යනුවෙන් පල්ලියේ නිවේදනයේ සඳහන් වේ.

අදාළ බලධාරීන්ට කිසිදු බාධාවකින්, අනුමානවලින් හෝ අනවශ්‍ය මහජන පීඩනයකින් තොරව සිය රාජකාරි ඉටු කිරීමට ඉඩ ලබාදෙන ලෙස ද පල්ලිය ඉල්ලා ඇත.

ජනාධිපතිවරයාට එරෙහි අනාවැකිවලින් පල්ලිය ඉවත්වෙයි
යූබර්ට් ඒන්ජල් නිදහස් නොකළහොත් සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් ම්නන්ගග්වාට විපතක් හෝ අවාසනාවන්ත තත්ත්වයක් ඇති වන බවට අනාවැකි පළ කළ ඇතැම් පුද්ගලයන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ද පල්ලිය සිය ස්ථාවරය පැහැදිලි කර තිබේ.

එවැනි ප්‍රකාශවලින් තමන් සම්පූර්ණයෙන්ම ඈත්වන බවත්, ඒවා යූබර්ට් ඒන්ජල්ගේ හෝ Spirit Embassy පල්ලියේ නායකත්වයේ අදහස් නියෝජනය නොකරන බවත් එම නිවේදනයේ සඳහන් කර ඇත.

එමෙන්ම පෞද්ගලික ප්‍රසිද්ධිය ලබාගැනීම හෝ සමාජ මාධ්‍ය අවධානය දිනාගැනීම සඳහා මෙවැනි සිදුවීම් භාවිත නොකළ යුතු බව ද පල්ලිය අවධාරණය කර තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන තහවුරු නොකළ තොරතුරු, කටකතා සහ පදනම් විරහිත චෝදනා ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස ද පල්ලිය ජනතාවගෙන් ඉල්ලා ඇත.

පොලිසියෙන් ලිංගික චෝදනා තහවුරු කරයි
සිම්බාබ්වේ පොලිසිය නොවැම්බර් 22 වැනිදා නිකුත් කළ නිවේදනයකින් යූබර්ට් ඒන්ජල් අත්අඩංගුවට ගත් බව තහවුරු කර තිබුණේ ලිංගික අතවර සහ සොඩොමි සම්බන්ධ චෝදනා මතය.

හරාරේ නුවර පැවැති දේව මෙහෙයක් අතරතුර ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.

මෙරට ප්‍රසිද්ධ පාස්ටර් වරයෙකු වන ජෙරම් ප්‍රනාන්දුගේ 'Spiritual Father' හෙවත් ආධ්‍යාත්මික පියා ලෙස ද යූබර්ට් ඒන්ජල් හඳුන්වනු ලබයි.

යූබර්ට් ඒන්ජල්ගේ පුත්‍රයා වන Uebert Angel Jr. සහ ජෙරම් ප්‍රනාන්දුගේ දියණිය වන Mikkela Fernando අතර විවාහ ගිවිස ගැනීමත් සමඟ මෙම ආගමික නායකයන් දෙදෙනා අතර සම්බන්ධය මේවන විට පවුල් මට්ටම දක්වා ව්‍යාප්ත වී තිබේ.



gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka