gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පොලිස් ලොක්කෙක් ණයට ගත් සල්ලි ඉල්ලුවැයි කපා, කොටා කනත්තක් අසල දමා ගිහින්..- ව්‍යාපාරිකයෙකුගෙන් පැමිණිල්ලක්

සිය හිතවතකුට රු. ලක්ෂ එකසිය හතළිහක මුදලක් අරන් දී එය ඉල්ලා සිටීම මත තමා ඝාතනය කිරීමට සැලසුම් කළ පානදුර කොට්ඨාසයේ පොලිසියක ස්ථානාධිපතිවරයකු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට පානදුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් පොලිස් මූලස්ථානයට සහ ශ්‍රීලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි කර තිබේ.

මෙම ව්‍යාපාරිකයා පසුගිය සැප්තැම්බර් 29 වැනිදා රාත්‍රියේ සිය බිරිඳ හා දියණියන් දෙදෙනා සමගින් මෝටර් රථයෙන් නිවසට පැමිණෙන අවස්ථාවේදී නිවස අසළ රැකගෙන සිටි මැරයින් පිරිසක් ඔවුන් පැමිණි මෝටර් රථයෙන් ව්‍යාපාරිකයාගේ මෝටර් රථය අනතුරට ලක් කර ව්‍යාපාරිකයාට හා බිරිඳට අමානුෂික අන්දමින් පහරදී ඇති බව කියයි.

එම පිරිස ව්‍යාපාරිකයාව මෝටර් රථයෙන් පිටතට ඇද දමා පහර දෙන අයුරුත් ව්‍යාපාරිකයාගේ බිරිඳට කඩුවකින් කෙටීමට උත්සාහ දරන අයුරුත් ව්‍යාපාරිකයා දරු දෙදෙනා බේරාගැනීම සදහා වෙර දරන අයුරුත් වීඩියෝ සාක්කිද සහිතව ව්‍යාපාරිකයා විසින් පොලිසියට පැමිණිලි කර තිබිණි.

අපරාධකරුවන් විසින් මා මෝටර් රථයක දමා ගිනි අවියකින් පහරදුන් බවත් එවිට අපරාධකරුවන් පිරිසේ අයකුට ලැබූ වීඩියෝ ඇමතුමක් මගින් "ඕකාගේ කලිසම ගලවලා ගාඩ් එකට ගහපන්"යැයි පැවසූ බවත් එම කටහඬ තමාගෙන් මුදල් රුපියල් ලක්ෂ එකසිය හතළිහක් ලබාගත් පොලිස් ලොක්කාගේ යැයි දැන ගත් බවත් එම නිලධාරියාගේ උපදෙස් මත තමාව කපා කොටා කනත්තක් අසල අත්හැර දමා ගිය බවත් ව්‍යාපාරිකයා චෝදනා කරයි. පහරකෑමෙන් තුවාල ලැබූ මෙම ව්‍යාපාරිකයා හා බිරිඳ කළුබෝවිල රෝහලට හා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබූ අතර ව්‍යාපාරිකයා ශල්‍යකර්මයකටද භාජනය කර තිබිණි.

මේ අනුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කළද මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් ලොක්කාගේ මැදිහත්වීම මත සැකකරුවන් පැමිණි මෝටර් රථය පවා මෙතෙක් පොලිස් භාරයට ගෙන නොමැති බවත් සාක්ෂි වසන් කිරීමේ උත්සාහයක පොලිසිය කටයුතු කළ බවත් පොලිසියේ ජාම බේරා ගැනීමේ අරමුණින් සාමාන්‍ය පහරදීමක් සේ සලකා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුනව ඇප මත නිදහස් කරවීමට පොලිසිය මූලික වූ බවත් ව්‍යාපාරිකයා විසින් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.

ව්‍යාපාරිකයාගේ නීතිඥවරුන් අධිකරණයට තම සේවා දායකයින්ගේ තුවාල සම්බන්ධ ඡායාරූප ඉදිරිපත් කිරීමෙන් පසු මෙකී සිද්ධියට අදාළ විමර්ශන වෙනත් පොලිසියකට යොමු කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති අතර ඒ අනුව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත. කෙසේ වෙතත් තවමත් පහර දීමට පැමිණි සැකකරුවන් පස් දෙනෙකු හා ඔවුන් පැමිණි මෝටර් රථය අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි වී ඇති බවත් එසේම මෙය පසුපස සිටින පොලිස් ලොක්කාද නිදහසේ සිය තනතුරේ කටයුතු කරමින් සිටින බවත් පැමිණිල්ල මගින් සදහන් කරන ව්‍යාපාරිකයා තමාට යුක්තිය ඉටු කරන ලෙස බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.

නිර්මාණි තිලකසිරි
-lankacnews
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka