gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

2025-26 වත්කම් නොගැලපේ.. ලාල් කාන්තට එරෙහි අල්ලස් පැමිණිල්ලක්...

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතාගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

‘අල්ලස් දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානය විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇති අතර, එහි සභාපති ජාමුණි කමන්ත තුෂාර මහතා (23) අල්ලස් කොමිසම වෙත පැමිණ අදාළ ලියකියවිලි භාරදුන්නේය.

අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති 2025-26 වත්කම්-බැරකම් ප්‍රකාශයන්හි කැපී පෙනෙන මූල්‍යමය පරස්පරතා රැසක් නිරීක්ෂණය වන බවත්, එම වත්කම් උපයා ගත් ආකාරය පිළිබඳව බරපතළ සැකයක් මතුවන බවත් එම සංවිධානය සිය පැමිණිල්ල මඟින් පෙන්වා දී ඇත.

 එබැවින් මේ පිළිබඳව කඩිනම් හා ස්වාධීන පරීක්ෂණයක් පවත්වා, කිසියම් නීතිවිරෝධී ක්‍රියාවක් සිදුව ඇත්නම් මෙරට දූෂණ විරෝධී පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඔවුහු කොමිසමෙන් ඉල්ලා සිටිති.

2023 අංක 9 දරන නව දූෂණ විරෝධී පනත බලාත්මක වීමත් සමඟ, මැතිඇමතිවරුන් ඇතුළු සියලුම මහජන නියෝජිතයින් සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් සිය වත්කම් හා බැරකම් වාර්ෂිකව ප්‍රකාශයට පත් කිරීම අනිවාර්ය කර තිබේ. 

මහජන මුදල් භාවිතය හා දේශපාලනඥයන්ගේ මූල්‍ය විනිවිදභාවය තහවුරු කිරීමේ අරමුණින් මෙම නීතිමය රාමුව සකස් කර ඇති අතර, වත්කම් හෙළිදරව් නොකිරීම හෝ සාවද්‍ය තොරතුරු ලබාදීම බරපතළ දණ්ඩනීය වරදක් ලෙස සලකනු ලබයි.
-lankacnews
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka