gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පාස්ටර් ජෙරොම්ගේ අධ්‍යාත්මික නායක Uebert Angel රිමාන්ඩ් !

ශ්‍රී ලංකාවේ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සමඟ සමීප සබඳතා පැවැත්වූ සිම්බාබ්වේ ප්‍රකට දේවගැතිවරයකු වන යූබර්ට් ඒන්ජල් (Uebert Angel), ලිංගික අතවර චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

40 හැවිරිදි කාන්තාවකට බරපතළ අශෝභන ලෙස අතවර කිරීමේ චෝදනාව මත නොවැම්බර් 22 වැනිදා අත්අඩංගුවට ගනු ලැබූ ඔහු, නොවැම්බර් 24 වැනිදා හරාරේ මහේස්ත්‍රාත් අධිකරණයට මාංචු දමා ඉදිරිපත් කර ඇති බව සිම්බාබ්වේ මාධ්‍ය වාර්තා කරයි.

Spirit Embassy පල්ලියේ නිර්මාතෘවරයා වන 48 හැවිරිදි ඒන්ජල්ට එරෙහිව මේ වන විට අධිකරණයේ ගොනු කර ඇත්තේ Aggravated Indecent Assault නමැති එක් චෝදනාවක් පමණක් බව ඔහුගේ නීතිඥ මහාචාර්ය ලව්මෝර් මධුකු පවසා තිබේ.

රටින් පලා යතැයි සැකයක්

යූබර්ට් ඒන්ජල්ට ඇප ලබාදීමට රජයේ නීතිඥ ක්ලෙමන්ස් චිම්බාරි විරෝධය පළ කර තිබේ.

ඔහු සතුව විදේශ ගමන් බලපත්‍ර දෙකක් තිබීම, ජාත්‍යන්තර සබඳතා සහ සැලකිය යුතු මූල්‍ය හැකියාවක් පැවතීම හේතුවෙන් රටින් පලා යාමේ අවදානමක් ඇති බව පැමිණිල්ලේ පාර්ශ්වය අධිකරණයට පෙන්වා දී ඇත.

එමෙන්ම පල්ලියේ නායකයකු ලෙස ඔහුට අනුගාමිකයන් සහ සාමාජිකයන් කෙරෙහි විශාල බලපෑමක් ඇති බැවින් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ හැකියාවක් පවතින බව ද රජයේ පාර්ශ්වය තර්ක කර තිබේ.

වරදකරු බවට තීරණය වුවහොත් වසර 15ත් 20ත් අතර සිරදඬුවමක් හිමිවිය හැකි බරපතළ චෝදනාවක් ඔහුට එල්ල වී ඇති බව ද පැමිණිල්ල පෙන්වා දී ඇත.

පැමිණිලිකාරිය දරුවන් හයදෙනකුගේ මවක්

ZimLive සහ The Zimbabwe Mail වාර්තා අනුව, පැමිණිලිකාරිය දරුවන් හයදෙනකු සිටින 40 හැවිරිදි කාන්තාවකි.

2025 වසරේදී තම දරුවන්ට සුදුසු නවාතැන් පහසුකම් සහ පාසල් ගාස්තු සඳහා සහාය ලබාගැනීමේ අරමුණින් ඇය යූබර්ට් ඒන්ජල්ගේ පල්ලියට ගොස් තිබූ බව පැමිණිල්ලේ කරුණු උපුටා දක්වමින් එම මාධ්‍ය වාර්තා කරයි.

පැමිණිල්ලේ චෝදනාව අනුව, පසුව පල්ලියේ කාර්යාලයේදී ඇයට අමෙරිකානු ඩොලර් 1,000ක් ඇතුළත් ලියුම් කවරයක් ලබාදී ඇති අතර, එම අවස්ථාවේදී ඇයට ලිංගික අතවරයක් සිදුකර තිබේ.
අත්අඩංගුවට ගැනීමේ ක්‍රමවේදයටත් විත්තියෙන් විරෝධය

යූබර්ට් ඒන්ජල්ගේ නීතිඥවරු ඔහු අත්අඩංගුවට ගත් ආකාරය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කර තිබේ.

දේව මෙහෙයක් පවත්වමින් සිටියදී සන්නද්ධ පොලිස් නිලධාරීන් පල්ලියට පැමිණ ඔහුට මාංචු දමා රැගෙන ගිය බවත්, පොලිසියට පැමිණෙන ලෙස පළමුව දැනුම්දීමක් සිදු නොකළ බවත් විත්තියේ නීතිඥවරු පවසා ඇත.

එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ද ඔවුන් ඉල්ලා තිබේ.

මේ අතර, යූබර්ට් ඒන්ජල් පොලිස් භාරයේ සිටියදී සිර මැදිරියෙන් රහසිගතව ඉවත් කර කාර්යාලයක රඳවා තැබූ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව සිම්බාබ්වේ රාජ්‍ය මාධ්‍යය වන ZBC News වාර්තා කර තිබේ.
ඇප තීන්දුව අද

නොවැම්බර් 24 වැනිදා පැවැති ඇප විභාගයේදී රජයේ පාර්ශ්වය ඇප ලබාදීමට විරෝධය පළ කරමින් කරුණු ඉදිරිපත් කර තිබූ අතර, විත්තියේ කරුණු ඉදිරිපත් කිරීම සඳහා නඩු විභාගය අද (25) දිනට කල් තබා තිබේ.

ඒ අනුව, යූබර්ට් ඒන්ජල්ගේ ඇප අයදුම්පත පිළිබඳ අධිකරණ තීරණය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සමඟ පැවති සබඳතා සහ ඔහුගේ මෙරට සංචාර හේතුවෙන් ද යූබර්ට් ඒන්ජල් මෙරට තුළ අවධානයට ලක්ව සිටි පුද්ගලයෙකි.

යූබර්ට් ඒන්ජල්ගේ පුතා දේවගැති ජෙරොම් ප්‍රනාන්දුගේ දියණිය විවාහකර ගැනීමට යෝජනාකර ඇති බැවින් දැන් මොවුන් ඥාතීන් බවට ද පත්ව සිටී.

පෙර පුවත් >>>



gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka