රටගිය දොස්තරලාගෙන් රජයට කෝටි 115ක පොල්ලක්!
රජය සමග අත්සන් කළ ගිවිසුම් කඩකරමින් විදෙස් ගත වූ විශේෂඥ වෛද්‍යවරු ඇතුළු වෛද්‍ය නිලධාරීන් 705ක් රජයට ගෙවිය යුතු රුපියල් කෝටි 115ක මුදලක් (මිලියන 1,156) නොගෙවා පැහැර හැර ඇතැයි 2025 වසරේ කෙරුණු ජාතික විගණනයේදී හෙළි වී තිබේ. 2025 සැප්තැම්බර් 29 දින වන විට සේවය හැර ගිය වෛද්‍යවරුන් විසින් මෙම මුදල් ගෙවීම පැහැර හැර ඇත.
මෙම වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විගණන විමසුම් මගින් තොරතුරු ඉල්ලා තිබුණත් එම තොරතුරු ලබාදීමද පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි.
කොරෝනා වසංගතය සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීම ආදී හේතු මුල් කරගෙන 2020-2025 දක්වා කාලය තුළ පමණක් මෙරට වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු 3791ක් විදෙස් ගත වූ බව සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජේමුණි මහතා හෙළි කරනු ලැබීය.
2026 වසරේදී පමණක් විදෙස් ගතවීමට වෛද්‍යවරු 280ක් ඉල්ලීම් කර තිබූ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගිය දිනක හෙළිකරනු ලැබිණි.
විදෙස් ගතවූ වෛද්‍යවරුන්ගෙන් 1429ක් ශ්‍රේණි වෛද්‍යවරු වන අතර ඊට අමතරව විශේෂඥ වෛද්‍යවරු 140ක් ද විදෙස්ගතව ඇත.
මෙලෙස විදෙස් ගත වූ වෛද්‍යවරුන්ගෙන් වෛද්‍යවරු හත්සිය පහක් අදාළ ගිවිසුම් කඩ කර රජයට ගෙවිය යුතු රුපියල් කෝටි 115ක (මිලියන 1156) මුදල නොගෙවා පැහැර හැර ඇතැයිද විගණනයේදී හෙළි වී තිබේ.
මේ පුවත තව අයට බලන්න
රටගිය දොස්තරලාගෙන් රජයට කෝටි 115ක පොල්ලක්!
2026-11-25T08:33:00+05:30
Gossip Lanka Hot News






