මර්වින් සිල්වා විවාහ යෝජනා කළ ‘පිල්ලේට’ හිමිවූ නොබෙල් අවධානය 2013 ශ්‍රී ලංකා සංචාරයේ අප්‍රසන්න මතකයන් නැවත අවදි කරයි
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමඟ පැවැති මතභේදාත්මක ගැටුම් පිළිබඳව ප්‍රසිද්ධියක් උසුලන එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවී පිල්ලේ මහත්මිය 2026 නොබෙල් සාම ත්‍යාගයේ ජයග්‍රාහිකාව ලෙස ප්‍රකාශයට පත්කර ඇත. එවකට පැවැති ආණ්ඩුව ඇයට චෝදනා කළේ ඇගේ, ජාතිකත්වය හේතුවෙන් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානය වෙත පක්ෂපාතීත්වයක් දක්වන බවත්, එම සංවිධානයේ ත්‍රස්ත ක්‍රියා නොසලකා හරින බවත්ය.

ළමා රෝහලට සී.ටී.ස්කෑනර් යන්ත්‍රයක් පරිත්‍යාග කරන්න කියා ඉතිරිකිරීමේ බැංකුවෙන් ගත් මිලියන 10යේ චෙක් එකෙන් සිරිලිය ‘ටොරිංටන් පෙදෙසින්’ ගෙයක් මිලදී අරගෙන!
රිජ්වේ ආර්යා ළමා රෝහල සඳහා සී.ටී. ස්කෑනර් යන්ත්‍රයක් ලබාගැනීමට ‘කාල්ටන් සුව උදාන’ ව්‍යාපෘතිය විසින් කරන ලද ඉල්ලීමක් මත, ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් රුපියල් මිලියන 10ක චෙක්පතක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් ‘සිරිලිය පදනම’ වෙත නිකුත් කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
සජබ ආණ්ඩුවක් යටතේ සම්බුදු සසුනට මුල් තැන… බුදු සසුන රකින්න කැබිනට් අමාත්‍යංශයක්… සෙසු ආගම් සඳහා රාජ්‍ය අමාත්‍යංශ…! – සජිත් ප්‍රේමදාස…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි සම්බුද්ධ ශාසනයට මුල් තැන ලබා දීම සමගි ජන බලවේගයේ මූලික ප්‍රතිපත්තිය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
එමෙන්ම ඉදිරි රජයක් යටතේ බුද්ධ ශාසන අමාත්‍යාංශය කැබිනට් අමාත්‍යාංශයක් ලෙසත් සෙසු ආගම්, සංස්කෘතීන් හා ජාතීන්ගේ අනන්‍යතාව සුරැකීම උදෙසා වෙන් වෙන්ව රාජ්‍ය අමාත්‍යාංශ පිහිටුවීමටත් කටයුතු කරන බවද සඳහන් කරයි.
මෙවර අයවැයෙන්වත් Vat 0% කර පෙන්වන්න..- වැලිකඩ සිට නාමල් ජනපති ලියයි...
පාසල් දරුවන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය අධ්‍යාපන උපකරණ සහ පෝෂණ ආහාර ද්‍රව්‍ය සඳහා පනවා ඇති එකතු කළ අගය මත වන බද්ද (VAT) ඇතුළු අනෙකුත් සියලු බදු ඉදිරි 2027 අයවැය මඟින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
අනෝජන් බේරගන්න සෞදි ගිය රජයේ දූත පිරිස සෞදියේම හිරවේ...
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයෙකු වන අනෝජන් සිවරාසා බේරාගැනීම සඳහා වන විශේෂ පොදු සමාව අයැදීමේ නීතිමය අභියාචනය අවසන් කිරීමට එරටට ගිය සිව්පුද්ගල ශ්‍රී ලාංකික නියෝජිත කණ්ඩායම, ගුවන් ගමන් අත්හිටුවීම හේතුවෙන් රියාද් නුවර සිරවී සිටින බව The Sunday Times පුවත්පත වාර්තා කරයි.
ප්‍රගීත් එක්නැලිගොඩ ගැන කියන්න සුරේෂ් සලේ අධිකරණයට!
පැහැරගෙන ගොස් අතුරුදන් කළ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධ නඩුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ (09) දින විභාගයට ගත්තේය. එහිදී මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු ලෙස හිටපු බුද්ධි අංශ ප්‍රධානී තුවාන් සුරේෂ් සලේව ඉදිරි නඩු දිනයේදී කැඳවීමට පියවර ගන්නා බව පැමිණිලි පාර්ශවය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලට දැනුම් දුන් බවට වාර්තා වේ.























