මෙවර අයවැයෙන්වත් Vat 0% කර පෙන්වන්න..- වැලිකඩ සිට නාමල් ජනපති ලියයි...
පාසල් දරුවන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය අධ්‍යාපන උපකරණ සහ පෝෂණ ආහාර ද්‍රව්‍ය සඳහා පනවා ඇති එකතු කළ අගය මත වන බද්ද (VAT) ඇතුළු අනෙකුත් සියලු බදු ඉදිරි 2027 අයවැය මඟින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, පාසල් දරුවන්ගේ අධ්‍යාපන වියදම් මෙන්ම පවුල්වල ජීවන වියදම දිනෙන් දින ඉහළ යමින් පවතින පසුබිමක, අඩු සහ මධ්‍යම ආදායම්ලාභී පවුල් වෙත සෘජු බදු සහනයක් ලබා දීම අත්‍යවශ්‍ය බවයි.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ජාතික ජන බලවේගය විසින් ජනතාව හමුවේ ලබා දුන් ප්‍රතිපත්තිමය පොරොන්දු සිහිපත් කරමින් ඔහු සඳහන් කරන්නේ, පාසල් භාණ්ඩ සහ ආහාර සඳහා පනවා ඇති වැට් බදු ඉවත් කරන බවට එවකට ප්‍රකාශ කර තිබූ බවයි.
එමෙන්ම ජාතික ජන බලවේගයේ 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින්ද අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සඳහා සියයට බිංදුවක (0%) වැට් අනුපාතයක් හඳුන්වා දීමට යෝජනා කර තිබූ බවද මන්ත්‍රීවරයා සිහිපත් කරයි.
ඒ අනුව, පහත සඳහන් භාණ්ඩ වර්ග සඳහා දැනට පවතින වැට් සහ අනෙකුත් බදු බර සමාලෝචනය කර, ලබා දුන් පොරොන්දු ප්‍රකාරව 2027 අයවැය මඟින් එම බදු මුළුමනින්ම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස නාමල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටියි.
මෙවර අයවැයෙන්වත් Vat 0% කර පෙන්වන්න..- වැලිකඩ සිට නාමල් ජනපති ලියයි...
2026-10-11T16:30:00+05:30
Gossip Lanka Hot News






