gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

අපි අස්වැසුම හොරෙන් ගත්තා..- රජයේ සේවකයන් රැසක් පිලිගනී..

නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම ප්‍රතිලාභ වංචනික ලෙස තම නමට සහ තම ඥාතීන්ගේ නමට ලබා ගත් එම කාර්යාලයේ සේවය කරන සේවකයින් රැසක් විමර්ෂණයක් ආරම්භ කිරිමට ප්‍රථම ස්වේච්ඡාවෙන් ප්‍රාදේශීය ලේකම්වරයා හමුවේ වංචාවක් සිදු කල බවට පිලිගෙන ඇත.

එම කාර්යාලයේ විවිධ අංශවල සේවය කරන සේවකයින් රැසක් 2023 වසරේ සිට අස්වැසුම මුදල් ඔවුන්ගේ නම්වලට සහ ඔවුන්ගේ ලගම ඥාතීන්ගේ නම්වලට ලබා ගෙන ඇති බවට නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිදු වී ඇති අස්වැසුම මුදල් වංචාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ෂණ කටයුතු වලදී අනාවරණය විමෙන් පසු එම නිළධාරින්ගේ නාම ලේඛනයක් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරිය වෙත ලිඛිතව යොමු කර ඇත.

ප්‍රාදේශීය ලේකම්වරයා විසින් එම නාම ලේඛණය දිස්ත්‍රික් ලේකම්වරිය වෙත යොමු කිරිමෙන් පසු එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන සංවර්ධන නිළධාරින්, සමෘද්ධි නිළධාරින් ඇතුලු තවත් අංශ කිහිපයක සේවය කරන සේවකයින් ගණනාවක් තමන් සිදුකල වංචාව සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයා හමුවේ පවසා ඇත.

නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිදු වී ඇති අස්වැසුම මුදල් වංචාව රු.කෝටි 6කට ආසන්න නිසා එහි ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කිරිමට හැටන් මහේස්ත්‍රාත් අධිකරණය මගින් අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත.

එම මුදල් වංචාව සිදු කල අස්වැසුම අංශයේ නිළධාරින් දෙදෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අතර, එම නිළදාරින් දෙදෙනා විසින් අස්වැසුම මුදල් බැර කල ඔවුන්ගේ ළගම ඥාතියෙකු ඇතුලු ගුරුවරුන් 6 දෙනෙකු විමර්ෂණ කටයුත්තකට යටත්ව වැඩ තහනමකට ලක් වී ඇත.

- රංජිත් රාජපක්ෂ
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka